Sunday, November 5, 2017
Friday, November 3, 2017
2.නිසරු බිමෙහි දිය බිදක් සොයා
ධනූගේ දේශය - 1.කෙම් බිමක් සොයා
ඒ වන විට ලෝකයේ බොහෝ දාර්ශනිකයන්, මතවාද දරන්නන් සුලබ විය. පෘතුවි තලයේ විපර්යාස බොහෝ විය. යුද්ධ බොහෝ ගණනක් ඇතිවිය. මුල් බිම් විනාශ විය. ප්‍රභල යැයි සම්මත රටවල් බිඳ වැටුණි. නව දේශාටන ඇරඹී තිබුණි. නව භූමි සොයා ඇදෙන නායකයින් සුලභ විය.
***
ඒ අතර වසර ගණනාවකට පළමු ලංකාව යැයි හැඳින්වූ බිමෙහිද එක් ප්‍රදේශයක දේශාටනයක් ඇරඹී තිබුණි. අපි එහි නායකයා "ධනූ" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. ඒකල දහසකට තරම් ආසන්න කුඩා අනුගාමිකයන් රැසක් ධනූගේ දර්ශනය පිළිගෙන එය අනුගමනය කරමින් ධනූ සමඟ ගැවසෙන්නට විය. දිගු ගමනකින් වෙහෙසට පත්වූවද පිරිසෙහි නැවතීමක් නොපෙනින. ධනූගේ මතය පිළිගත් පිරිස ඔහුට ඉතා පක්ශපාතී බව පෙනින. නොයෙකුත් විපර්යාස හමුවේ හෙම්බත් වූ භූමි තලය දුහුවිල්ලෙන් පිරි නිස්සාර බිමක් විය. පෙනෙන තරම් දුර වියලි විය. සෑහෙන තරම් දුර ගිය නායකයා නැවතිනි. පිරිස ඉද්ද ගැසුවාක් මෙන් නැවතිනි.
***
භූමිය තෝරා ගන්නා ලදී. පළමු කොට කූඩාරම් ඇඳ වාඩිලා ගන්නා ලදී. සත්තු සර්පයින් ඇරුනු විට, ස්වභාව ධර්මයාගේ බාධාවක් ඇරුනු විට වෙනත් උවදුරක් නොපෙනින. මහා කූඩාරමක් තුල නව රාජධානියේ කටු සටහන් නිමවනු ලැබීය. පිරිසෙහි වූ දක්ෂ චිත්‍ර ශිල්පීන් විසින් නොයෙකුත් ආකාරයේ ගෘහ නිර්මාණ අදහස් දැක්වූ අතර, නායකත්ව ලක්ෂණ පෙන්වූ කිහිප දෙනෙකු මූලික කොට කුඩා කුඩා කණ්ඩායම් බෙදනු ලැබීය. පිරිස් කළමනාකරනයේ මූලික සැකැස්ම මෙසේය.
1.ආහාර සහ ජලය සෙවීම සහ සෞඛ්‍ය සදහා
2.ආරක්ශාව සඳහා
3.ඉදිකිරීම් සඳහා
4.තීරණ ගැනීම සහ ගැටලු විසදීම සඳහා
5.මිනිස් බලය සඳහා
***
පෙනෙන තෙක් මානයේ නිසරු භූමිය වුවද ආරක්ෂාවට පවුරක් ඉඳි කලයුතු බව ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අදහස විය.
සියල්ලටම පළමුවෙන් ජල නිධියක් සෙවිය යුතු බව ධනූගේ අදහස වූයෙන් ඒ සඳහා අවශ්‍ය හැකියාවන්ගෙන් යුතු සහ දැනුමින් යුතු පිරිසකට එය පවරා මිනිස් බල පිරිස ඊට යොදවනු ලැබීය. මේ වන විටත් සන්තකයේ පැවති ජලය ඉතා සීමිත වූ බැවින් එය ඉතාම අවධානම් සහගත අවස්ථාවක් වුවද පිරිස නායකත්වයට අවනත වීමේ අවශ්‍යතාව හොඳින් දැන සිටි බැවින් කැරලි ඇති නොවීය.
***
මෙවැනි කාර්යයන් සඳහා දක්ශකම් දැක්වූ "ජලය සොයන්නන්" විසින් දිනය අවසන් වන විට භූගත ජල නිධි පැවතීමට ඉඩ ඇති ස්ථාන කිහිපයක් සළකුණු කල අතර මිනිස් බල කණ්ඩායම එම ස්ථාන කැනීම ආරම්ඹ කරන ලදී.
අවශ්‍ය වුවහොත් පහසුකම් සැළසීමට ආරක්ෂක කණ්ඩායම සහ සෞඛ්‍ය අංශ සීරුවෙන් තබන ලදී.
3.පවුර ඉඳි කිරීම
මගේ රට - ධනූගේ දේශය
ගිංතොට විත්ති - 01 අතීතාවර්ජන
විවර්තන සමරුකලාපය
බණ්ඩාරනායක අම්මා |
සිසිලෙන් ගත පිබිදුවද...
නිදි බරය මා සිත...
ඉදහිට ඇසෙන විහග නාදය පිරවුවද දෙසවන්...
නොපිරේ සතුට සිත්සේ...
ඇවිද යමි කීකරුව; දෙපයේ අණට...
නොදනිමි යන අයුරු හෝ දිශා...
ගිගුම් දෙන ඔබට හඩ නගා...
හැකිද මා තැවීමට...
මහ වැසි ඇද හෙලා..."
කවුලු හැර බලමි බැහැර...
කොළ සිදුනු ගස එක් පතක් ලෙලෙවා මා දෙස
බලයි මදසින්...
ලෙලෙන පත සිනසේ මට ජය ගත් බැව් අගවමින්...
සුළග දැඩිවී හමයි දැන්
"අහෝ ආඩම්බරකාර පත්‍රය"!
කියනු දැන් නුබ කොහිද"
වැහි බිදුවක් ගෙන ලියමි...
වියළී යාමට පෙරාතුව...
විසිරුනු සිතුවිළි කැටිකොට...
පවසමි හැගුම් සගවා...
තෙමූවද මා සුරත දිය බිදු...
පෙර ලියූ පද මැකී යන මුත්...
ලියමි අවසන් කරනු වස්...
මා හගි සිතුවිලි...
හැඩි දැඩි පුවරුවේ වෙර සිද දමා..."
අහඹු සිතැඟි - whatsapp
වට්ස්-ඇප් හරහා මගේ යාළුවන්ට යවපු ඒ ඒ වෙලාවෙ මගේ හිතේ පැළපදියම් වෙච්ච සිතුවිළි. ඔයාලගේ අදහස් කියන්න මට...
Friday, October 27, 2017
පහන් කණුව පාමුල
![]() |
රවිහංස මගෙන් තේරුම ඇහුව |
" ඒ කියන්නෙ මචං මනස ව්‍යාකූල උන වෙලාවක්... උඩු සිත වෙහෙසිලා ඉන්නෙ... එයාට පේනවා එයාවම පාරේ ලයිට් කනුවක් ගාව බිම වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්නෙ යටි හිත. යටි හිත ව්‍යාකූල නෑ ප්‍රකෘති තත්වයේ ඉන්නෙ, ඉතින් අර විඩාපත් උඩු හිත යටි හිත ගාවට ඇවිත් කරදරයක්ද කියල අහන්න හදද්දි යටි හිත එතනින් අතුරුදහන් වෙනව.ඊට පස්සෙ උඩු හිත ගැස්සිලා යනවා. උඩුහිත පියවි තත්වෙට එනවා එයාට පේනවා විඩාපත් තමන් දිහා කට්ටිය බලන් ඉන්නවා අනුකම්පාවෙන් වගේ. ඒ බලන් ඉන්නෙ එයාගෙම යටි හිත... යටි හිතේ තියෙන නොයෙක් ස්වරූප. එච්චරයි. මීනිං 1 අපි කොච්චර ස්ට්‍ර්ස් එකේ හිටියත් යටි හිත ඒ ස්ට්‍රෙස් 1 නැති කරගන්න ට්‍රයි කරනවා හැමවෙලේම, හරියට නින්දයාගෙන එනකොට මූනට වතුර ගහනවා වගේ"
![]() |
මම තේරුම ස්ටේටස් දැම්මා |
![]() |
දෙව්මි ඒකට කමෙන්ට් කරා |
Wednesday, October 25, 2017
ඈ යෙහෙලිය
හොරැහින් මා දෙස බලා
සිහින් නිල් මිණි නෙත් සලා
තුරුණු සිත මා මත් කලා
කල් ගොසින් පියඹලා
ඈ වෙසින් සුරඟනා
පා මුකුළු කෙළියෙනා
ඇගෙ දසන් දක්වලා
ඉඳ හිට තරහ පෙන්වලා
මගෙ හිත රිදවලා
ඇගෙ සිත පෑරිලා
හඬයි දැරියක විලසිනා
දෙතොල් නා දළු පරදනා
කොපුල් ගැසි වල නිතැතිනා
කිකිණි මිණි කිකිණි හඬවලා
ඈ හිදී මා කළඹලා
මගේ හිත සවි කොට
නිතර ළඟඋනි තනියට
පෑ මුකුළු කළි කවට
දැනුදු අමතක නොවේ මා හට
මා පතිනි පුතුගේ මව විය
මා වැනි යැයි සතොසින් ඔඳ වඩලා
කියමින් අඟනා බැව් ඔහු අත් බැඳලා
බලයි යටැසින් මා වෙත ඉඟි කරලා
ගෙනවුත් මට පුතෙකු මා පියෙකු කර
දුන්නා ඇගේ මුලු දිවියම යටත් කර
පුරවා මා සිතම මහ සත් සමුදුරෙන් වට
ඇගෙ සෙනෙහෙ මිණි පහනක් විය මෙමට
බිඳුනු විටදි මා සනහා තෙපුල් සලා
රන්දා මගේ මුලු සිහිනම තෙරක් පුරා
නොවුවත් මා සිදුහත් ඈ මට යසෝධරා
රැකගමි මගේ පතිනිය මා උදුම්බරා
Tuesday, October 24, 2017
ඈ බිරිද
පුංචි සැරයට කඳුලු පිරෙවෙන
සිහින් මොළකැටි ලද බොළද
නීල දෑසක් මවෙත දල්වන
මා ලයෙහි සඟවන
පිරුණු සඳ වන් මුව මඬල
හොවා මා පුබුදින
නිවන මා වෙහෙස
පුරවමින් දිවි මිහිර
ළදෙකි මට පින්බර
Thursday, October 12, 2017
අන්දරේ සහ සීනි වර්ශන්2.0 - III
![]() |
ඕ ඉතා රූමත් එකියකැ |
අන්දරේ සහ සීනි වර්ශන් 2.0 - II
![]() |
ධනුකයන්ගේ සෝපාවෙහි තමන්ගේ මෙන් නිදන්නට වන්නේය |
"එම්බා නරය තොප වහසි කියන්නේ කෙලින්ම ඉල්ලී වී නම් මාගේ වයි ෆයි පාස්වර්ඩය දෙන්නැමැයි" කියූහ.
නිකක් ලැබෙන ෆ්‍රී වයි ෆයි කුමකටද...
ඉදින් රජුනි මගෙ මන දොළ නිවෙන්නට...
පැදුරේ වනා ඇති දේ කියන් මට...
Monday, October 9, 2017
අන්දරේ සහ සීනි වර්ෂන් 2.0 - 1 කොටස
![]() |
ඉස්කෝලෙ යන කෙල්ලන් සමඟ මල් කඩනු මා කෙසේ නිහඩව බලා හිදිම්ද |
සැන්දා වන්නා සේම ධනුකයෝ රාජකීය ආසනාරූඪවම නින්දට වන්නාහ. ඒ නම් කවර නින්දෙක්ද වාසල කවටයෝ බෙරිහන් දෙනු ඈතින් ඇසෙන්නේය. අතට දුන් ෆෝන් එක උදුරාගත් පසු බත් කන අතදරුවෙකුගේ මෙන් නෝක්කාඩුවෙන් රාජකීය මුහුණ සරහා ගත් ධනුකයෝ කොලුකෙලි පිරිවර සමඟ අන්දරේගේ බෙරිහන් විචාරන්නට මගට බට.
අපෙගේ ධනුකයෝද,
"එම්බා නරය තොප වහසි කියන්නේ කෙලින්ම ඉල්ලී වී නම් මාගේ වයි ෆයි පාස්වර්ඩය දෙන්නැමැයි" කියූහ.
Tuesday, October 3, 2017
එකල්හී ධනුකයෝ මෙසේ කීහ...!

ඉදින් කරුණු එසේ වූ කල්හී... අප ධනුකයෝ අක්කන්ඩියද ඇදගෙන ගොස් තුන් සක රියෙක රථාචාරී විමසූහ.
Monday, September 25, 2017
නිමේෂයක්
Saturday, September 9, 2017
අවසානය...!

Saturday, August 12, 2017
තාත්තගෙන් කතන්දර අහපු හැටි
මා හා එදා පිය සාදයේ
මට එහෙම කෙනෙක් නැති නිසා මට ඒවගෙ විශේෂයක් නෑ.
...........................
මම පාටියෙ කොච්චර වෙලා හිටියද දන්නෙ නෑ. හැබැයි මම මගෙ යාලුවො එයාලගෙ ගෑනු ළමයි එක්ක කතා බහ කරන හැටි මම දැක්ක. මම වාඩි වෙලා හිටියා.
............................
ටික වෙලාවක් ඔහොම ඉන්නකොට මට අහම්බෙන් ඇහැ ගැටුන මම වගේම තවත් මේසෙක වාඩි වෙලා හිටපු ගෑනු ළමයෙක්ව. (එයාගෙ යාලුවොත් පිරිමි ළමයි එක්ක නටනව ඇති,කතා බහ කරනව ඇති) ඒ නිසාම මෙයාට කවුරුත් නැතිව ඇති කියල මට හිතුන.
...............................
මටම හිතා ගන්න බෑ මම එයා ගාවට ගියේ හීනෙන් වගේ.
"මං එක්ක නටන්න එනවද ?"
ඒ ළමය මං දිහා බලල අහිංසක විදිහට හිනා උනා.
මට තේරුනා එයා ඒකට එකගයි කියල. මම අත දික් කරහම එයා එයාගෙ අත මගෙ අත උඩින් තිබ්බ.
................................
අපි ගොඩ වෙලාවක් නටන්න ඇති, මට කාලය ගැන අවබෝධයක් තිබුනෙ නෑ.
...........
එක පාරටම විදුලිය විසන්ධි උනා. මම අඩ අදුරෙ දැක්ක ගොඩක් ගෑනු ළමයි පිරිමි ළමයිගෙ අත් අත ඇරල ආපහු මේස වලට යනව.
............
ඒත් අර ගෑනු ළමය මගෙ අත අත ඇරල ගියෙ නෑ. මට මගෙ හදවත වේගෙන් ගැහෙනව දැනුන.
............
පාටිය ඉවර උනා. එයත් ගියා. මම එතනින් පිටවෙලා මගෙ කාර් එකට නැගල ස්ටාට් කරා. කාර් එකේ රේඩියෝ එකෙන් මිල්ටන් මල්ලවාරච්චි මං වෙනුවෙන් මෙහෙම කියනව.
ජීවිතේ ගීත
මම ඒ ගැන මුලදි එච්චර උනන්දුවක් නොදැක්වුවත් අද මගෙ මනෝලෝකෙ එක කෙළවරක හිටපු මට ඒ ගැන නිරායාසයෙන්ම කල්පනා උනා.
සමහර සිංදු තියෙනව ඒවගෙ එක්තරා වචන සෙට් එකකට අපි ආසයි. වෙනත් විදිහකින් කිව්වොත් සිංදුවල තියෙන අපිට වැදුන තැන්.
මම මගෙ වට්ස් ඇප් ස්ටේටස් වලට දාලා තියෙන්නෙත් එහෙම ඒවා තමයි. ඇත්තම කිව්වොත් ඒ වචන ඛන්ඩ වල මම ජීවත් වෙනව වගේ මට දැනෙන තැන්.
මං එච්චර උනන්දුවක් නොදක්වන ගායකයින්ගෙ සමහර සිංදු තියෙනව මම ගොඩක් ආස ඒව.
"ඔබෙ සුසුම් පවන් සලයි... මගෙ කොපුල් පුරා වෙලෙයි... ඔබෙ සෙනෙහස ගොඩ ගලයි... උනුසුමට මාව තෙමයි..."
"...පෙම්වතිය පෙම්වතාගෙ උරහිසේ ඇඟේ නිකට තියාගෙන ඉකි බිඳිනවා... පෙම්වතා ඒ අවස්ථාව සංයමයෙන් යුතුව ඉවසනවා..."
"...පෙම්වතිය හෙලන සුසුමක් ඔහුගෙ මුහුනෙ කම්මුල් පිසගෙන ඇදී යන බව ඔහු කියන්නෙ ඇඟේ සුසුම් තමන්ගෙ කම්මුල හරහා පවන් සලාගෙන ඇදීයන විදිහට... ඒ අවස්ථාවෙ ඈ කෙරෙහි රාගයෙන් තොර ස්නේහයක් ඔහුට ඇති වෙන බව ඔහු කියන්නෙ ඈ කෙරෙහි සෙනෙහසක් උතුරා යන පිටාර යන ආකාරයෙන්... ඒ සමඟම ඇගෙන් ගිලිහෙන කදුලු ඔහුගේ උරහිසෙහි පතිත වෙන උනුසුම ඔහුගේ සිතුවිලි දාමය බිද හෙලනවා..."
"මේ මැයි ගහ යට... දවසක් දා... වැස්සට අපි උන්නා..."
මේ සිංදුවත් මම ගොඩක් ආස කරන මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන එකක්.
"...ජ'පුර කැම්පස් එකේ පාර දෙපැත්තෙ මැයි ගස් තියෙනව කියල මම අහලා තියෙනව (මට කැම්පස් යන්න බැරි උනත් ඒ අවස්ථාව මගේ මනසේ සිත්තම් කරන්න ඒ පද සමත් වෙනවා.)..."
"...පෙම්වතා මැයි ගස් යාය අද්දරින් යන හැමවෙලාවක ඔහුට ඒ අතීතය මැවෙනවා. ඇය සමඟ ඒ දොඩමලු වෙච්ච හැටි ඔහුට ආයෙ ආයෙ මැවිල පේනව ඇති කියල මගෙ හිත මට කියනවා..."
"...ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහි පොද සේ... නෙතු කඳුලු සැලේ..."
****************
මතු සම්බන්ධයි
සල්ලි දීලා ජරාව බීම
ඉතිං මම කල්පනා කලා අයේ පෝස්ට් එකක් දාන්න.
.................
බීම ගැන කිව්වොත් ඒක පෙර ගෙවුම් ක්‍රමයට ඩිලිවරි කරන එකක් (සැ.යු. අසංක අයියා කිව්ව වෙලාවෙ බීම ගෙනාවෙ නෑ කියන එක නම් මම අදහස් කලේ නෑ..බළධරියා විසින් කපා හරින ලදී ) සල්ලි දීල දවස් 2,3 කට පස්සෙ තමයි හම්බුනෙ. අර කවුද කිව්ව වගේ හරියටම තේරුම් ගන්න කරලම බලන්න ඕනෙලු.
මමත් රතු පාටට පෙනුන නිසා ඒ වර්ගෙම ඕඩර් කරා, ඩිලංක අක්කත් ඒ ජාතියම ගෙනෙල්ල කියපංකො හිටං.
ඉතිං පෙරුම්පුරාගෙන ආ සංසාරෙ මමත් ගත්තු ගමන් උගුරක් දෙකක් බීල බැලුව. ඒ ජරාව මේ ඊයෙ පෙරේදා කැම්පේන් ගිහින් රෑට කාපු කොත්තුවට හපන්.
ඇති යන්තන් බීම ජාති බඩේ අමාරුව වෙනකන් ගේම ඉල්ලන්නෙ නෑ. බැරිම තැන මම මගේ අවංක හඳ පතුලෙන් නැගුන ඒ කොමෙන්ටුව ඉදිරිපත් කලා. "රශ්මි අක්ක අපිව නොමග යවල හොදම එක බිව්ව නෙහ්" කියල. මෙන්න බොලේ අක්ක කියනව "මම නම් කාටවත් මුකුත් කිව්වෙ නෑ ඕන ජාතිය අරගන්න කියල කිව්වෙ කියල" අම්මෝ වස! (කිව්වට මොකෝ එහෙම වසයි කිව්වට වසත් නෑ, හැබැයි ඩිලංකා අක්ක නම් කියන්නෙ .......... කියල. [බළධාරියා විසින් කපා හරින ලදී.] ඩිලංක අක්කට කියන්නෙ .......... කියල. (කරුමෙ කියන්නෙ ඒකත් මේ මිනිහා කපා හැරියා කියහංකො )
.....................
මම දැන් ඉන්න තැන කලින් හිටපු තැනට වඩා ටිකක් හොඳයි. රට වටේම ඇවිදිනවා. මේ ඊයෙ පෙරේද බණ්ඩාරවෙල ගිහින් වැඩකාරය වගේ හිටියට මොකෝ පළවෙනි පාර එහෙ ගියෙ කබරයා පෙනි පෙනී. කබරයගෙයි මගෙයි දෛවෝපගත සම්බන්ධෙ කොයි වගේද කිව්වොත් අජන්ත අයියා (ඩ්‍රයිවර්) අන්තිම වංගු දෙගේ ඇද අරිනකම් මුට කාගෙන ඉන්න බෑමයි කිව්ව. (ලොවෙත් හිටියෙ නැති කබරය ඇහැරුනේ වමනෙ පෙති කියන මළ ජරාව බිව්වට පස්සෙ. මම හිතන්නෙ එව්වට වමනෙ පෙති කියන්නෙ බිව්වට පස්සෙ කබරය ලෝඩ් වෙන හින්දද කොහෙද.
....................
සුලාජ් අයියා මගෙ ට්‍රේනර්. මම එයා එක්ක ගමන් බිමන් යන්න කැමති වෙන්න හේතුව එයත් මං වගේම ක්ලැරන්ස්ගෙ සින්දු වලට වහ වැටිච්ච කෙනෙක් වෙච්ච එක. වාහනෙ යද්දි අනිවාරෙන් ඒ සිංදු අහගෙන යන නිසා මගේ මනෝ ලෝකෙ දොර ගාවට මාව නොදැනීම වගේ ගමන් කරනවා.
.......................
මම මේ ළඟදි දවසක අම්මා හදල දුන්න පේර වගයක් ඔෆිස් අරන් ගිහින් කට්ටියට දුන්නා. වැඩේ කියන්නෙ එදා හිටියෙ නුවන් අයියයි , අක්ක නඟෝල දෙන්නයි විතරයි. වැඩේ කියන්නෙ වින්ද්‍යා අයියයි, සුලාජ් අයියයි, අසංක අයියයි නැති වෙන්නෙත් එහෙම දවස් වලට. (බළධාරියා විසින් කපා හැරීමට රැකගෙන බලා සිටි වාක්‍යක් මා විසින් සිහි කල්පනාව ඇවිදින් නූලෙන් ජාමෙ ගොඩ දාමින් ඉවත් කොරගන්නා ලදී. )
.........................
ඉතිරිය බළධාරියා විසින් තවමත් අවසර දී නොමැති හෙයින් ඉදිරි දිනකදී පල කරනු ලැබේ.
Monday, August 7, 2017
වීර්ය
වෙරළ අහිමි මුහුදක්!
***********
Sunday, August 6, 2017
මම,සඳ සහ මම
මං බෙල්ල රිදෙනකං අහස බලනවා. ඒ තරු අතරෙ මොකක්දෝ මම නොදන්න (ඇත්තටම මේ ලෝකෙ කවුරුවත් නොදන්න) රහස් කොච්චර නම් ඇතිද කියලත් මට හිතෙනවා. තරුවක් කියන්න චන්ද්රයෙකුට වඩා ප්‍රභල වස්තුවක් උනත් මට මේ වෙලාවටනම් හඳ තරම් හිතට එබෙන දෙයක් නැති තරම්. සමහර විට පෘතුවියට තවත් හඳවල් ගොඩක් තිබුන නම් ඒ හැඟීම එච්චර මට නොදැනෙන්න තිබුනා.
මම අහල තියෙනව ආදි ජුරාසික් යුගයේ ඒ දැවැන්ත උරගයෝ දැකපු හඳමයි අපිත් නොවෙනස්ව දකින්නෙ කියලා.
හඳ කියන්නෙ විවිධ පැති වලින් කතා කරන්න පුළුවන් සංකල්පයක් උනත් මගෙ හිත ඇදී යන්නෙ හඳේ තියන භෞතික සුන්දරත්වයට.
මං කැමතිම ගායකයා ක්ලැරන්ස් විජේවර්ධනගෙ සිංදු වල වැඩිහරියක හඳ ගැන තියෙනව.
"සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගෙ පාලුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ..."
මට නම් එහෙම ගමන් බිමන් යන්න කොහොමත් කෙනෙක් නැති නිසා හඳ දිහා බලලා ඒ සුන්දරත්වෙ තමයි විදින්න වෙන්නෙ.
"සඳ එක් දිනක් තරු හා බැඳී විමසා බලා අඳුරේ රැදී... තරු වැල් ඉතින් තනිවී සිතින් සිටියා බලා සඳ එයි කියා..."
"සුපුන් සඳ තරු දිලෙන යාමේ මුලු ලොවම නින්දේ අවදි වී ඇති මගේ සිත ලඟ කවුද ඉකි බින්දේ..."
"සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුනා මතකයි මම ඉමි සිහි කරලා..."
සමහර දවසට මම හඳ පායලා මුදුන් වෙනකම්ම බලන් ඉන්නවා. දවසක මම හදන ගෙදර ස්ලැබ් එකේ අහස බලන්න පුලුවන් තැනක් හදන්න ඕනෙ කියන සිතුවිල්ලත් නිතරම හිතට එන්නෙ මම පොල් ගහක හීනි කොල අතරින් අමුතුම ලස්සනක් එක්ක හඳේ ලස්සන කොන්දේසි විරහතව විඳින කොට.
ගස් වල කොල අතරින් දකින හඳේ ඒ මිහිරියාව මං ඇස් දෙකින් විදිනවා.
දවසක් මගෙ හිතවත් ගෑනු ලමයෙකුගෙන් (අර කලින් පෝස්ට් එකක ඉන්නෙත් ඒ ලමයා) මගෙ ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකට දාගන්න හොඳ පින්තූරයක් ඇහුවම මට දුන්නෙ ලස්සන හඳ පායපු රෑක ගංඟාවක ඔරු තොටුපොළක දර්ශනයක් තියෙන ෆොටෝ එකක්.
මම එදා ඉදන් මේ මොහොත වෙනකනුත් දාගෙන ඉන්නෙ ඒක.
හඳ එළිය කියන්නෙ ඕනෙම කෙනෙකුගෙ හිත නිවන වගේම අවුස්සන්නත් පුලුවන් ශක්ති කදම්භයක්.
හඳ සහ මම අතර තියෙන සම්බන්ධය මට නිශ්චිතව මෙහෙම එකක් කියල නිර්වචනයක් දෙන්න පුලුවන් එකක් නොවුනත් පුළුවන් හැම දවසකම ඒ චමත්කාරය විදිනව මං.
කොල්ලුපිටියෙ ස්ටේෂන් එකේ ඉදන් අතීතෙට
මුහුද කියන්නෙ කාන්තාවන්ට හොඳ උපමාවක් වගේම මිනිස් හිතට දෙන්න පුලුවන් හොදම උදාහරනයක්.
නිතර වෙනස් වෙන මිනිස් හිත මහ මුහුද පරයා ගොඩක් ඉස්සරහින් ඉන්න බව මං විශ්වාස කරනවා.
..............
උදේ හවස කෝච්චියේ නැඟලා එහෙ මෙහෙ යන්න පුරුදු වෙච්ච මං නානාප්‍රකාර මිනිස්සු අහලා දැකලා තියෙනවා. එහෙම ඇවිත් කොල්ලුපිටියෙන් බැහැලා මුහුද දිහා බලාගෙන යනවා. කෝච්චියේ ජීවිත දිහා දැකලා නිරායාසයෙන් දුර දුවන හිත වෙලාවකට නැවතිලා මට ආපස්සට හැරිලා බලන්න කියලා බල කරන වාර අනන්තයි.
..............
එහෙම හැරිලා බලන්න තරම් ඉස්පාසුවක් මට නැති බව මට තේරුම් යන්නෙ එතකොට. ජීවිතේ හොදම කාලෙ ඉස්කෝලෙ යන කාලෙ කියල කියන්න එක හේතුවක් තමයි "අපි වගකීම් වලින් තරමක් දුරට නිදහස් කාලයක් ඉස්කෝලෙ කාලෙ කියන්නෙ කියලා" කියන එක මං විශ්වාස කරන දෙයක්. ඉතිං දැන් හැරිලා බලලා අතීතෙ රස විදින්න මොහොතක් හරි මට හම්බවෙන්නෙ මේ වගේ සටහනක් සයිබර් අවකාශයේ කටු ගාන වෙලාවට කියලා මම හොඳටම දන්න නිසා අඩුම තරමින් සතියකට එක පාරක් හරි මගෙ වෙබ් සයිට් එකට පෝස්ට් එකක් දාන්න මාව පොළබවනවා.
.................
මට මතකයි.... මං පොඩි කාලෙ තාත්ත එක්ක හේනේගම මහාබෝධියට ඉස්කෝලෙ ගිය හැටි. තාත්තට ඒ කාලෙ ට්‍රේල් බයික් එකක් තිබුනා රතුපාට. (මම 3 වසරෙදි විතර තමයි ඒක මාමට දුන්නෙ. එයා ඒක විකුණුවද කොහෙද) පොඩි කාලෙ නෙමෙයි 5 වසර ශිශ්ෂත්ව විභාගෙ පාස් වෙලා ගම්පහ බණ්ඩාරනායකේට 6 ඉදන් ඒ ලෙවල් ඉවර වෙනකනුත් තාත්තා එක්කම තමයි ඉස්කෝලෙ ගියේ.... ඒ 1 වසරෙන් පටන් ගත්තු පිම්ම තාත්තා තවම මාව ඔෆිස් යන්න ගම්පහ ඉස්ටේෂන් එක ගාවට ඩ්‍රොප් කරනවා. ඇරිලා රෑ වෙලා ගම්පහින් බැස්සම අම්මවයි නංගිවයි දාගෙන මාව එක්කන් යන්නත් එනවා....
....................................
මම ඉස්සර තාත්තා එක්ක බයික් එකේ ගිහින් මාව උස්සලා බිමින් තියල තාත්තා අහනවා "හවස ගෙදර එද්දි මොනවද ඕනෙ?" කියලා. මම කියන්නෙම "සෙල්ලම් ගෙයක්!" කියලා.
ඉතිං තාත්තා අම්මයි ගෙවල් අහල පහළ අක්කලයි කට්ටිය එකතු කරන් ලස්සන ගෙයක් හදනවා ගස් වලට ලණු ඇදලා ඒවට බෙඩ් ශීට් එල්ලලා.
මං ගෙදර එද්දිම බලන්නෙ මට ඕනෙ විදිහට ඒක හදලද කියලා. බැරි වෙලාවත් මට ඕන විදිහට නැත්තන් ඒක හදල දෙන්න සැදී පැහැදිලා ඉන්න අය ගොඩක් මං වටේ හිටියා.
.......................
එක එක ජාතියෙ සුන්දර මතක වලින් පිරිච්ච ලස්සන ළමා කාලයක් මට තිබුනා. හැබැයි දැන් ඒ කාලෙ ගෙවිලා ගිහින්. දැන් දැන් ජීවිතේ වගකීම් පැටවෙන කාලෙ. ඉතින් ඒ වගකීම් දරාගෙන හැබැයි නොමියෙන පුංචි කාලෙ මතක එක්ක කෝච්චියේ ඔට්ටු වෙනවා මං.
සාමාන්‍යපෙළ විද්‍යාව පන්තිය
පන්තියට ගිය දවසෙ හිටියෙ ළමයි 3යි. ඒ ටීචගෙ පුතයි මමයි තව මගෙ යාලුවෙකුයි තවත් ගෑනු ළමයි දෙන්නෙකුයි ඒ පන්තියෙ හිටියා.
මට හොදට මතකයි ඒ ළමයි දෙන්නා මම අතුලට එනකොටම මගෙ දිහා බැලුවා. මමත් ඒ දෙන්නව දැක්ක කියල එයාලට තේරුනා ම0 හිතන්නෙ. එයාලා ඒ එක්කම බිම බලා ගත්තා. ඒ ළමයි දෙන්නගෙන් කෙනෙක් එක පාරටම මගේ හිතේ ඇදුනා.
ටීච කිව්වා පන්තිය පටන් ගත්තෙ ගිය සතියෙ ඒක නිසා ඒ ටික පොතක් ඉල්ලන් ලියා ගන්න කියලා.
ටීචගෙ පුතා ගත් කටටම කිව්වා "අම්මෙ මගෙ පොතේ හරියට ලියල නෑ" කියලා.
මගෙ යාලු අනිත් පිරිමි ළමයා ගිය සතියෙ ඇවිත් තිබුනෙ නෑ. ඉතින් ටීච ගෑනු ලමයි දිහාට හැරිලා "................,(ගෑනු ළමයගෙ නම කිව්වෙ ) ඔයාගෙ පොත දෙන්න කිව්වා. එයා "හා..." කිව්ව. හරියටම අර ගෑනු ළමයා....!
එදා ඉදන් ඒ පන්තිය මට ප්‍රියමනාප තැනක් උනා (ගෑනු ළමය හින්දම නෙමෙයි, ඒ පන්තියෙ හැමදෙයක්ම මම හොදට දන්න කියන දේවල් වගේ මට දැනුනා. කාලයත් එක්ක එකේ ගෑනු ළමයි මා එක්ක ගොඩක් හිතවත් උනා. අනිත් පිරිමි ළමයි එයාලව බයිට් එකට ගත්තත් මම එහෙම නොකරපු නිසා වෙන්නත් ඇති )
ටීචගෙ හිත දිනා ගන්න නම් මට වැඩි කාලයක් ගියෙත් නෑ. සමහර දවස් වල ටීච එන්න පරක්කු උනහම කෝල් කරලා ගෙදර අයට කියනව අපිට කියන්න කියල ඒ ඒ වෙලාවට කරන්න ඕන දේවල් (විශේෂයෙන්ම නෝට් සම්පූර්ණ කරන්න, අනිත් අයට ලියන්න එවා කියවන්නෙ මම, ඒත් මම ටිකක් කියවලා ඉතුරු ටික අර ළමයට දෙනවා. එයා ලස්සනට හිනා වෙලා පොත මගෙන් ගන්න හැටි මට තවම මතකයි.... )
"නිමානොවන පෙම් හැගුම්...
මහා සමුදුරක් ලෙසින්..."
දවසක් මට හිතුනා මගේ හිතේ තියෙන දේවල් එයාට කියන්න...
"මගේ හිතේ ඇති දහසක් පැතුමන් - ඔබ හට නැත කියලා....
කෙසේ අහන්නද මගෙ අත ගන්නට - සතුටුද ඔබ කියලා....."
ඒත් කොහොම හරි මම එයාට ලියුමක් ලියන්න හිත තද කර ගත්තා...
"මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි....
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි..."
......................................
එයා පන්ති එනකම් මම බලන් ඉන්නවා. මට මතකයි එයා එනවා දැක්කම මට දැනෙන සතුට.
"අනන්තයට යන පාර දිගේ... ඇය එනවා....//
ප්‍රාර්ථනාවේ.. මල්.. පොකුරු අරන්.. සීතල පිනි වැස්සේ..."
වෙලාවකට ම0 කියන දේවල් වලට මූන එල්ලගෙන ම0 එයාව යාලු කරගන්න කන් එයා නෝක්කාඩු බැල්මකින් මගේ දිහා බලාගෙන ඉන්නවා.
"කුමාරියක් වගේ නුබට රුව දීලා ඇත...
සිනා බිදක් මට දෙන්නට සිත දීලා නැත..."
..........................................
එයා රට යනව කිව්වා. ඒ කියන්නෙ සමහර විට මට අයෙ එයාව හම්බෙන එකක් නෑ. මොකද එයාලා දිගටම එහෙ ඉන්නලු යන්නෙ. එයා අඩනවා... එයාට මව අමතක වෙන්නෙ නෑලු.
"නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි..."
..........................................
අද මට එයාව දකින්න ලැබෙන අන්තිම දවස...
"මේ.. නගරය.. මා ඔබ මුන ගැසුනු නගරයයි....
මේ.. නගරය.. මා ඔබ වෙන් කෙරුනු නගරයයි...."
...........................................
එයා රට යනවා දැන් මට අයෙ එයාව හම්බෙන එකක් නෑ... ඒත් එකම එක දෙයක් මට කියන්න පුලුවන්...
"ඔබ මා හමුවුන මේ ඉර-හද යට...
කොතැනක සිටියත් මා මළ දවසක...
මගෙ ළග තනියට ඉනු මැනවී//"