Monday, July 3, 2023
Tuesday, March 14, 2023
Sunday, March 12, 2023
පාන්, වයින් සහ මම.
ගැහැණියකගේ ආදරය වයින් මෙන් වන විට ඔබ නිසැකවම පාන් වීමට වග බලා ගත යුතුය.
එහෙත්,
අධික බීමත් කම සියල්ල අහිමි කරවන බව අමතක නොකිරීමට තරම් කල්පනාකාරී විය යුතුය.
-ධනූගේ අඩවිය-
Thursday, February 16, 2023
පතොක් මල්
කටුක දිවි මග පිය නගන්නට මගේ අසලම රැදෙන්න...
දැවී අලු වුන සෙමෙන් මියයන මගේ හද ගිනි නිවෙන්න....
දිය පොදක් වත් නොමැති කතරේ මගේ හදවත තෙමෙන්න....
ඔබට හැකි වෙද මගේ කතරේ පතොක් මල වී පිපෙන්න...
-ධනූගේ අඩවිය-
දැවී අලු වුන සෙමෙන් මියයන මගේ හද ගිනි නිවෙන්න....
දිය පොදක් වත් නොමැති කතරේ මගේ හදවත තෙමෙන්න....
ඔබට හැකි වෙද මගේ කතරේ පතොක් මල වී පිපෙන්න...
-ධනූගේ අඩවිය-
Thursday, February 9, 2023
සිවිලයිසේශන් ටයිප් 01, 02 සහ 03
ටයිප් 01 සිවිලයිසේශන් එකක සිට ලියමි....
මම තවමත් 01 සිටිමි. ඈතින් ටයිප් 02 සිවිලයිසේශන් බොහෝමයක් මට පෙනෙන අතර ඒවා ඉක්මනින්ම ටයිප් 03 වනු ඇත.
එහෙත්,
සදාකල් ටයිප් 01 වී සිටිනු පිණිස ටයිප් 02 සිවිලයිසේශන් දෙස බලා "මම" ගොඩ නැගීමට පටන් ගත්තෙමි.
-ධනූගේ අඩවිය-
Sunday, February 5, 2023
මට මා හමුවිය
ඉදින් ඒ තරම්ම කැපකිරීමක් කල හැකි තරම් ඔබ පරිනත නම්, ඔබගේ සිතුවිලි වල ගැඹුර, දුලබ බව සහ වටිනාකම ඔබ තේරුම් ගත්තා වන්නේය... ඉදින් ඔබ දිනූ බව සාක්ශාත් කර ගන්න. 😌✌🏻
Subscribe to:
Posts (Atom)