Monday, September 10, 2018

පරෙයියා vs වස්සැප් - 4 කොටස

"එසේ නම් කුමක් කරමුද? අපි මෙසේම ලියමු" යි කියාලා ලව් ගුරා හසුන ලියන්ට ගත්තේයැ.

***

ඉදින් අවසානයේ රජුට වස්සැප් උගන්නමින් ලව් ගුරා මෙසේ හසුන ලියැවීය.

(මෙකී හසුනද රජෙකුගේ හසුනක් බැවින් අන්තර්ගතය රාජ රහසෙක් බැව් තරයේ සිතා ගනුව.)

****

ඉදින් හසුන ලියලා එක පරෙයියෙකුගේ පයේ ගැටලා යැවීයැ.

****

සති කීපයකිනික්බිති ඈතින් පරෙයියෙක් එනු පෙනින. රාජ පුරුෂයන්ගෙන් මෙපවත් ඇසූ ලව් ගුරා එකී හස්න ලිහා රාජ සභාවේ කියැවීයැ.

"ඩිලිවර්ඩ්"

"ඒ කිමෙක්දැ ?"

"අපොයි රජුනි ඒ කියන්නෙ අප යැයූ පයිංඩේ එහේට ගිය බවයි. විගහින් පිළිතුරක් එනු ඇතැ."

****

ඕං ඉඳින් තවත් සතියක් ඉක්ම ගියැ... තවත් පරෙයියෙකු එනු පෙනින.

"සීන්"

"ඒ කිමෙක්දැ ?"

"අපොයි රජුනි ඒ කියන්නෙ ඈ පයිංඩේ දුටු බවයි. ඉදින් ඊළඟ් පරෙයියා ඒගෙන එනු ඇතැ"

(ඒ ඇසූ ධනුකයන්ට ඌරු ජුවල් නැගිනි)

****
ඕං ඉඳින් තවත් සතියක් ඉක්ම ගියැ... තවත් පරෙයියෙකු එනු පෙනින.

"ක්වීන් හංසි ඊස් ටයිපින්"

"ඒ කිමෙක්දැ ?"

"අපොයි රජුනි ඒ කියන්නෙ ඔබෙ කෑල්ල යම් හසුනක් ලියමින් සිටිනා බවයි.. ඉදින් ඊළඟ් පරෙයියා ඒගෙන එනු ඇතැ"

(ඒ ඇසූ ධනුකයන්ට යක්සයා ආවේස වීයැ)

****

ඕං ඉඳින් තවත් සතියක් ඉක්ම ගියැ... තවත් පරෙයියෙකු එනු පෙනින.

"Hy bro, mk ?"

"ඒ කිමෙක්දැ ? "

"අපොයි රජුනි ඒ කියන්නෙ ඒ ඇත්තී ඔබ වහන්ට හායි සහෝදරයා කියා ඔබ වහන්සෙ මොනවා කරනවාදැයි ඇසූ බවයි"

(ඒ ඇසූ ධනුකයන් කෝපා ආවේස වී...)

"ඉදින් කෑලි කෙරුවාව හරි යන්නෙ නැති. ඒකි මට බහ දෙන කල මා නාකි තිබීමටදැ ඉඩ ඇතැ... වහාම හසුන් වීසි කරවා මටද ඉස්මාට් පෝං කෑල්ලක් ගෙන එවයි" ගුගුලහ.

-නිමි-

No comments:

Post a Comment

ඔයාලගෙ අදහස් දෙන්න