-නිමිත්ත- ගූගල් ඩ්‍රයිව් පැරණි ඡායාරූප ගබඩාව
ඉඳ හිටත් ඇහෙනවා මට කියනවා මගෙ නම
නොදැනීම හැරෙනවා මගේ ඇස් ඒ දෙසෙම
කිසිවෙකුත් නොමැති ඒ දැක්ම දැක දැකම
දුවනවා මගේ හිත මටත් පෙර නොදැනීම
ජීවිතේ ගෙවූ ඒ සුන්දරම කාලයයි
ආලයෙන් මාව සනසාපු ඒ තාලයයි
ඇගේ රැව පිරුණු ඒ පින්සාර හීනයයි
තෙමනවා මගේ දෑස තාම පොඩි කාලයයි
පරණ මතකයන් පුරවාපු මග දිගේ
ඇදෙනවා ඇඟිලි තුඩු හරිම හරි කඩිසරේ
ඒ කාලෙ ලස්සනයි ඇගේ ඇස් තරු වගේ
ඉන්නෙ මම අල්ලාන ඇගේ අත හරි සැරේ
සුදු නෝනා කිව්වම බලනවා ඈ හිනැහිලා
ඉන්නේම මගේ අතේ ඇයනෙ මේ එල්ලිලා
ගෙවු මතක එකින් එක එගිළිලා
ගේනවා වේදනා හඳේ කොන පාරලා
කෙසේ නම් රිදවුනිද දෛවයේ සරදම් බලා
ඇගේ හිත ගත්තේ මම ඒ කාලෙ පැහැදිලා
ලැබෙනවා නම් වාරයක් යලි මගේ දිවි පසෙකලා
ගනිමි මම ඇගේ අත වෙන කිසිත් නොම බලා
-ධනූගේ අඩවිය-
2022-12-26
එදා විඳගත් සේම අද ද විඳිනෙමි සිතින්.
ReplyDeleteඔබ කොහිද නොදන්නෙමි,
ඔබ වටා අද සිටින අය කවුද නොදන්නෙමි.
එහෙත් සිතනෙමි නිතර
මතකයේ රැඳුන දුර ඈත ඒ අවදියේ
සතුට උතුරා හැලෙන සිත වතින් පුබුදමින්
සිටිය ඔබම ද අදත් සිටින්නේ?
J. H. B. Peelගේ At Odd Moments කවියෙන් කොටසක්
😌✔
Delete👍.......
ReplyDelete