මිහිතලයේ ආරම්භය ගැන නොයෙකුත් ආගම් දර්ශන වලදී නොයෙක් ආකර වලට දක්වා ඇත. නමුත් ධනූගේ දැක්ම මෙසේය. දේව වාදය හා අදේව වාදය මිහිමත පවතින සංකල්ප 2කි. දේව වාදය ගැන ධනූගේ මතය මෙවැන්නකි. දෙවියන් යනු හුදෙක් දෙයාකාරව විග්‍රහ කෙරෙන සංකල්පයක් වන අතර එක ආකරයක් නම් පිටසක්වල ජීවය හා සැබැඳි සංකල්පයකි. ඊට අනුව පූර්වකාලයේ පෘතුවියේ අජීව ප්‍රදේශ ජීවයෙන් පිරවීම උදෙසා භාහිර ජීව විශේෂයක් විසින් ශරීර ක්ලෝනීකරනය කරමින් ජීව ශරීර පිටපත් සාදා ඒවා පෘතුවියේ තැනින් තැන විසුරුවා හරින ලදී. එම ක්‍රියාවලිය ඇසින් දුටු ස්වදේශී මනුෂ්‍යයන් එම භාහිර ජීවකොට්ටාශය තමන්ව මවන ලැදැයිද ඔවුන් දේවත්වයෙන්ද සළකන ලදී. දෙවන මතය නම් සූක්ෂම ශරීරික දෙවියන් වේ. මෙම සත්ව කොට්ඨාශය අධි මානුෂ ජීවීන් වන අතර ශාරීරික කිරණ පද්ධතිය වැඩි දුයුණු කරගත් පිරිසකි.
-ධනූගේ දේශය-
Showing posts with label ධනූ දකින හැටි. Show all posts
Showing posts with label ධනූ දකින හැටි. Show all posts
Monday, September 3, 2018
දෙවියන් සහ මැවුම් වාදය.
නිර්මාණය සහ පැවැත්ම (සිස්ටම්)
මනුෂ්‍යයා යනු හුදෙක්ම ක්‍රියාවලියක් මතම යැපෙන ජීව කොට්ඨාශයකි. එකී මිනිසාට "පැවැත්ම" යන ක්‍රියාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමට නොයෙක් සම්මතයන් අවැසිවේ. ඒවා "නිර්මාණ" වේ. ජීවය කෙසේ නම් ඇරඹුණද නැසුනද ඒ සියල්ල පවතින්නේ යම්කිසි ක්‍රියාවලියක් මතය. එනම් සිස්ටම් එකක් මතය. ආත්මීය වේවා විශ්වීය වේවා සියල්ලම ඊට අනුරූප සිස්ටම් මත පැවැත්මක් පවත්වා ගනී. මෙය නියමයකි. හොද හෝ නරක කියා දෙයක් පවතින්නේ මේ පැවැත්ම රැක ගැනීමට වේ. සරළම තියරිය නම් "වීරයා හා දුෂ්ටයා" ගේ තියරියයි. දුෂ්ටයා මෙලොව පවතින තාක් වීරයෙකුද, වීරයා මෙලොව පවතින තාක් දුෂ්ටයාද පවතින්නේය. මෙය සිස්ටම් එකෙහි සරලම අවස්ථාවයි. ධනූගේ ඉගැන්වීම් තුල නිර්මාණය සහ පැවැත්ම යන කාරනා විග්‍රහ කරනුයේ මෙසේය.
-ධනූගේ දේශය-
Sunday, November 5, 2017
Saturday, August 12, 2017
මා හා එදා පිය සාදයේ
මටත් පාටියට කතා කරල තිබුන. අපේ අනිත් අයට නම් ගෑනු ළමයි ඉන්න නිසා එයාල පාටි වලට යන්න කැමතියි.
මට එහෙම කෙනෙක් නැති නිසා මට ඒවගෙ විශේෂයක් නෑ.
...........................
මම පාටියෙ කොච්චර වෙලා හිටියද දන්නෙ නෑ. හැබැයි මම මගෙ යාලුවො එයාලගෙ ගෑනු ළමයි එක්ක කතා බහ කරන හැටි මම දැක්ක. මම වාඩි වෙලා හිටියා.
............................
ටික වෙලාවක් ඔහොම ඉන්නකොට මට අහම්බෙන් ඇහැ ගැටුන මම වගේම තවත් මේසෙක වාඩි වෙලා හිටපු ගෑනු ළමයෙක්ව. (එයාගෙ යාලුවොත් පිරිමි ළමයි එක්ක නටනව ඇති,කතා බහ කරනව ඇති) ඒ නිසාම මෙයාට කවුරුත් නැතිව ඇති කියල මට හිතුන.
...............................
මටම හිතා ගන්න බෑ මම එයා ගාවට ගියේ හීනෙන් වගේ.
"මං එක්ක නටන්න එනවද ?"
ඒ ළමය මං දිහා බලල අහිංසක විදිහට හිනා උනා.
මට තේරුනා එයා ඒකට එකගයි කියල. මම අත දික් කරහම එයා එයාගෙ අත මගෙ අත උඩින් තිබ්බ.
................................
අපි ගොඩ වෙලාවක් නටන්න ඇති, මට කාලය ගැන අවබෝධයක් තිබුනෙ නෑ.
...........
එක පාරටම විදුලිය විසන්ධි උනා. මම අඩ අදුරෙ දැක්ක ගොඩක් ගෑනු ළමයි පිරිමි ළමයිගෙ අත් අත ඇරල ආපහු මේස වලට යනව.
............
ඒත් අර ගෑනු ළමය මගෙ අත අත ඇරල ගියෙ නෑ. මට මගෙ හදවත වේගෙන් ගැහෙනව දැනුන.
............
පාටිය ඉවර උනා. එයත් ගියා. මම එතනින් පිටවෙලා මගෙ කාර් එකට නැගල ස්ටාට් කරා. කාර් එකේ රේඩියෝ එකෙන් මිල්ටන් මල්ලවාරච්චි මං වෙනුවෙන් මෙහෙම කියනව.
මට එහෙම කෙනෙක් නැති නිසා මට ඒවගෙ විශේෂයක් නෑ.
...........................
මම පාටියෙ කොච්චර වෙලා හිටියද දන්නෙ නෑ. හැබැයි මම මගෙ යාලුවො එයාලගෙ ගෑනු ළමයි එක්ක කතා බහ කරන හැටි මම දැක්ක. මම වාඩි වෙලා හිටියා.
............................
ටික වෙලාවක් ඔහොම ඉන්නකොට මට අහම්බෙන් ඇහැ ගැටුන මම වගේම තවත් මේසෙක වාඩි වෙලා හිටපු ගෑනු ළමයෙක්ව. (එයාගෙ යාලුවොත් පිරිමි ළමයි එක්ක නටනව ඇති,කතා බහ කරනව ඇති) ඒ නිසාම මෙයාට කවුරුත් නැතිව ඇති කියල මට හිතුන.
...............................
මටම හිතා ගන්න බෑ මම එයා ගාවට ගියේ හීනෙන් වගේ.
"මං එක්ක නටන්න එනවද ?"
ඒ ළමය මං දිහා බලල අහිංසක විදිහට හිනා උනා.
මට තේරුනා එයා ඒකට එකගයි කියල. මම අත දික් කරහම එයා එයාගෙ අත මගෙ අත උඩින් තිබ්බ.
................................
අපි ගොඩ වෙලාවක් නටන්න ඇති, මට කාලය ගැන අවබෝධයක් තිබුනෙ නෑ.
...........
එක පාරටම විදුලිය විසන්ධි උනා. මම අඩ අදුරෙ දැක්ක ගොඩක් ගෑනු ළමයි පිරිමි ළමයිගෙ අත් අත ඇරල ආපහු මේස වලට යනව.
............
ඒත් අර ගෑනු ළමය මගෙ අත අත ඇරල ගියෙ නෑ. මට මගෙ හදවත වේගෙන් ගැහෙනව දැනුන.
............
පාටිය ඉවර උනා. එයත් ගියා. මම එතනින් පිටවෙලා මගෙ කාර් එකට නැගල ස්ටාට් කරා. කාර් එකේ රේඩියෝ එකෙන් මිල්ටන් මල්ලවාරච්චි මං වෙනුවෙන් මෙහෙම කියනව.
.............
Monday, August 7, 2017
වීර්ය
මගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක් ඉන්නවා යොහාන් ප්‍රතිරංග කියලා එයාගෙ වට්ස්-ඇප් ස්ටේටස් වලට දාල තිබුන එක්තරා සේයාරුවක් මාව මේ පෝස්ට් එක ලියන්න පෙළඹෙව්වා.
ගොඩක් පුංචි ලේන් පැටියෙක් හිම වැටෙන වෙලාවක අතු රිකිල්ලක් උඩ ඉන්න පින්තූරයක් ඒකෙ තිබුනෙ ඒ පැටියගෙ තරමෙ හැටියට ඌ කොච්චර දුකක් විඳිනව ඇතිද කියලා මට හිතුනා.
ඒත් එක්කම ඒක මගේ හිතෙ ඇඳුනා. ඒ වගේම මට ලොකු චිත්ත ධෛර්‍යක් ගෙනාවා. දවසේ ආරම්භයේ ඉඳන් රෑ නිදාගන්න වෙලාව වෙනකන් මම මගේ කාලය ශ්‍රමය අනුන් වෙනුවෙන් කොච්චර මිඩංගු කරාද කියලා හිතලා මම ලොකු සතුටක් ලබනවා. වෙලාවකට දුක් දෝමනස්ස අහන් ඉඳලා ඒවට මට හැගෙන දැනෙන විදිහට විසදුම් දෙන එක, මට පුළුවන් උපරිමයෙන් වැඩ කරන එක,වචනෙකින් හරි උදව්වක් කරන එක,අනිත් අය වෙනුවෙන් පෙනී සිටින එක, ඒ ඔක්කොම එක්ක ඉවසන එක. මේ හැමදේකටම අකේෂ් ධනුක කියන පුද්ගලයව හුරු කරලා ලෝකෙට දායාද කරපු මගෙ දෙමව්පියෝ වගේම මගේ ඉස්කෝලෙන් මට ලැබුනු නායකත්වය දරන්න ලැබුනු අවස්ථා මම ආඩම්බරයෙන් මතක් කරන්නෙ ඒ නිසා.
........ ඉස්කෝලෙ කොමස් ඩේ එක දවසෙ කෑවෙ නැති එකම කෙනා මම වෙන්නත් ඇති. ඒත් එදා මට ලැබුනු පන්නරය මාව හැමදාටම ශක්තිමත් කරනවා. එදා ළමයි කට්ටියක් කෑම වැඩියෙනුත් අරගෙන අන්තිම ළමයි දෙන්නෙක්ට මදි වෙලා මම මගෙ කෑම එක නොගෙන "ආ... එකයි තියෙන්නෙ ශේප් එකේ කාපං" කියලා ඒ දෙන්නට දුන්නා. ඕක අපේ පන්තිභාර ටීච බලන් හිටියා කියලා මම දන්නෙ නෑ. ටීට පහුවදා ශ්‍රේණි රැස්වීමෙදි ඒක හැමෝම ඉස්සරහ කිව්වා. "ධනුක තුලින් මම පීතෘ මූලික නායකයෙක් දැක්කා, ඒ දරුවගෙ ගුරුවරයා වෙච්ච එක ගැන මම හැමදාටම ආඩම්බරයි" කියලා ටීච කිව්වා (ටීච මට ධනුක කියලා කියන්නෙ). ඒ වෙලාවෙ තමයි මම දැන ගත්තෙ ටීච ඒ සිදුවීම දන්න බව. මට ලැජ්ජත් හිතුනා. ඒ එක්කම ඒ වචන මට ලොකු ශක්තියක් උනා. අකේෂ් කියන පුද්ගලයා වීම ගැන මම අදටත් සතුටු වෙනවා වගේම මැරෙන දවසක මම හොඳ මිනිහෙක් විදිහට මැරෙනවා කියලා මට සතුටු වෙන්න පුලුවන්. (මම මේ පෝස්ට් එක ලියන්නෙ මගෙ වරුණ කියන්න නෙමෙයි. මේක දකින කෙනෙක් යම් දෙයක් ඉගෙන ගත්ත නම් ඒක මට සතුටක්. මගෙ යලුවො, දෙමව්පියො, ගුරුවරු, මාව එක දවසක් හරි ආශ්‍රය කරපු කෙනෙක් නම්; එයා මං ගැන දන්නවා ඒනිසා මම කවුද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැති බව මම දන්නවා.)
තමන් නිසා කෙනෙක් සතුටක් ලබනවා නම් ඒක තමයි මිනිහෙක්ට තියෙන ලොකුම ආශීර්වදය වගේම තව තවත් වීරිය වන්තව කටයුතු කරන්න තියෙන උත්තේජනය කියලත් ධනූ විශ්වාස කරනවා.
වෙරළ අහිමි මුහුදක්!
මං උදේ හවස කෝච්චියේ යන එන ගමනෙදි නොයෙක් දේවල් දකිනව. ඒ අතරින් මගෙ හිත වැඩියෙන්ම ඇදිල යන දෙයක් විදිහට කොල්ලුපිටිය මුහුද මගෙ වෙබ් අඩවි පාඨක ඔයගොල්ලො හොඳටම දන්නවා ඇති.
අද මම හවස එනකොට මම මුහුදෙ වතුර වැඩි බවක් දැක්කා. අද උදෙත් මට මුහුදෙ එක්තරා පිරුණු බවක් පෙනුනෙ ඒ නිසා වෙන්න ඇති.
ඒ පිරුණු මුහුද එයා ගැන කොයි තරම් ආඩම්බරෙන් හිටියද කිව්වොත් එයා එයාගෙ රැළි ගොඩක් උඩට ඔසවලා තමන් ගොඩක් ප්‍රභල බව නිතරම කියා පෑවා. ඒත් ඒ අතර යම් වෙනස් කමක් මගේ ඇහැ ගැටුනා.
කොල්ලුපිටිය ස්ටේශන් එක ළඟ මුහුද කොච්චර තමන් ගැන උදම් ඇනුවත් එයාට වෙරළක් නැහැ. අඩුම තරමෙ නිවි හැනහිල්ලෙ තමන්ගෙ රැළි පා කරලා යවන්නවත් වෙරළක් එයාට නැහැ. එයා "වෙරළ අහිමි මුහුදක්..." ඒත් ඒ අඬු ලුහුඬු කම අනිත් අයගෙන් හංගගන්න තරම් කොල්ලුපිටිය මුහුද අසරණ වෙලා කියලා මට පෙනුනෙ අන්න ඒ වෙලාවෙ.
ඒ එක්කම මට උදේම ජනේලෙ ඇරපු ගමන් තමන්ගෙ ශක්තිය ගැන කේවල් කරමින් ගෙට කඩා පනින වේගවත් සීතල හුළඟක් වගේ සිතුවිළි මහා ගොඩාක් කිටි කිටියෙම මගේ හිත් කුහරයට ඇතුල්වුනා නිමේශයකින්ම.
මම හෙමින් ඒ සිතුවිලි කන්දෙ එක කොනකට ළඟා උනා....
"ලෝකයා තමන්ගෙ අඬු ලුහුඬු කම් හංග ගන්න කොයි තරම් තමන්ගෙ රැළි ඉහල නංවනවද..........?"
***********
***********
මතු සම්බන්ධයි...
Subscribe to:
Posts (Atom)




