Showing posts with label වට්ස්ඇප්. Show all posts
Showing posts with label වට්ස්ඇප්. Show all posts
Sunday, November 5, 2017
Friday, November 3, 2017
3.පවුර ඉඳි කිරීම
භූමියේ දේශ සීමා සළකුණු කොට දැවැන්ත පවුරක් ඉඳි කලයුතු බව ධනූගේ මතය විය. පෙනෙන තෙක් මානයේ වැලි සහිත නිස්සාර භූමිය වූ බැවින් දැව සෙවීම කලු නික සෙවීමක් විය. නමුත් නුදුරු දුරින් නිසැකවම කේතුධර නෑකම් කියන ගස් තිබිය හැකි බවට තර්කානුකූල නොවූ මතයක් ඇති වූයෙන් දැව ඇතිදැයි සොයනු පිනිස පිරිස් පිටත් කරනු ලැබූ අතර සීමිත ආහාර සහ ජල සලාකයක් සපයනු ලැබීය. පාගමනින් යාම ගැටලුවක් නොවීය තිබූ එකම ගැටලුව නිශ්චිත ඉලක්කයක් නොමැතිව ගමන් කිරීමට සිදු වීමයි.
***
දින කිහිපයක් ගත විය. දැව සෙවීමට ගිය පිරිස් පිළිබඳව සේයාවකුදු නොවීය. එතෙක් ආරක්ෂක විධි විධාන තර කරන ලදී. ලෝහ නිස්සාරනය කර අවි තැනවිය යුතු බව ධනූගේ අදහස වූයෙන් ඒ පිළිබඳ දැනුම ඇති අයවළුන් ඒ සදහා යොදවන ලදී. මේ නිසරු භූමිය පෙර සශ්‍රීකව පැවති බැවින් මෙන්ම ඛනිජ සම්පත් බහුලව පැවති හෙයින්ද භූමිය කැනිය යුතු බවට තීරණය විය. ඒ සඳහාද පිරිස් යොදවන ලදී.
***
ජල නිදිය හමුවී කලක් ගතවූ බැවින් මේ වන විට ඒ ස්ථානය ජලාශයක් බවට පත්කොට තිබිනි. එක කණ්ඩායම් නායකයෙකු විසින් ඒ ආශ්‍රිතව අල වර්ග කිහිපයක් වැවීමට කටයුතු කොට තිබීම ධනූගේ පැසසුමට ලක් විය.
මේ අතර ඈතින් පිරිසක් පැමිණෙන බව පෙනෙන බැව් ඔත්තු කරුවෙකු විසින් පවසන ලද්දෙන් ඒ පිළිබඳව සැමගේ අවධානය යොමු විය. තමන්ගේත් තම පිරිසේත් හොඳ කාලය උදාවී ඇති බව පසක් කරමින් ඒ පැමිණෙන්නේ දැව සොයා ඒමට ගිය පිරිස බැව් පෙනෙන්නට විය. ඔවුහු දැව කොටන් වැල්ලෙහි ඇදගෙන ඒමට අට්ටාල තනවා ඒ ඔස්සේ දැව ඇදගෙන එනු දුටු පිරිස තමා පැවසීමත් පෙරාතුව උපකාර වීමට ඒ දෙසට දුවනු දුටු ධනූ තම පිරිසෙහි සාමූහිකත්වය පිළිබඳ උදම් විය.
මගේ රට - ධනූගේ දේශය
ධනූගේ දේශය... ළඟදීම...
"මේ මහ පොළොවෙහි කොහේහෝ ධනූගේ අණසකට යටත්ව භූමියක් තිබුණේ නම් ඒ මෙසේ වනු ඇත."
අහඹු සිතැඟි - whatsapp
වට්ස්-ඇප් හරහා මගේ යාළුවන්ට යවපු ඒ ඒ වෙලාවෙ මගේ හිතේ පැළපදියම් වෙච්ච සිතුවිළි. ඔයාලගේ අදහස් කියන්න මට...
Friday, October 27, 2017
පහන් කණුව පාමුල
වීදියේ කොනේ පාලු කෙළවරක පහන් කණුව පාමුල කෙනෙක් ඉදගෙන ඉන්නව මම දුර තියා දැක්කා. ඒ රූපය මට දැකලා පුරුදුයි. ඔව් ඇත්තමයි. ඒ මම!!! තවමත් බලාගෙන ඉන්නව? මට පුදුමත් හිතුනා. එහෙම බලන් ඉන්නව නේද කියලා හිතුනම. මම ගිහින් එයාගෙ කරට අත තිබ්බා. මම මගෙ දිහාට හැරෙන කොටම වාඩිවෙලා හිටපු මම අතුරුදහන් උනා. හිටගෙන හිටපු මම ටිකක් තිගැස්සුනත් ඒ බව නොදැනෙන්න වට පිට බැලුවා. මම හැමතැනම ඉන්නවා. ඒ මම මගේ දිහා බයාදු බැල්ලමකින් බලං ඉඳලා බොඳ වෙලා ගියා.
වට්ස්ඇප් ප්‍රතිචාර ලැබුනා මුලින්ම රවිහංසගෙන්, ඊළඟට දෙව්මිගෙන්..
රවිහංස මගෙන් තේරුම ඇහුවම මම තේරුම ස්ටේටස් දැම්මා, දෙව්මි ඒකට කමෙන්ට් කරා, ස්තූතියි යාලුවනේ...
![]() |
රවිහංස මගෙන් තේරුම ඇහුව |
" ඒ කියන්නෙ මචං මනස ව්‍යාකූල උන වෙලාවක්... උඩු සිත වෙහෙසිලා ඉන්නෙ... එයාට පේනවා එයාවම පාරේ ලයිට් කනුවක් ගාව බිම වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්නෙ යටි හිත. යටි හිත ව්‍යාකූල නෑ ප්‍රකෘති තත්වයේ ඉන්නෙ, ඉතින් අර විඩාපත් උඩු හිත යටි හිත ගාවට ඇවිත් කරදරයක්ද කියල අහන්න හදද්දි යටි හිත එතනින් අතුරුදහන් වෙනව.ඊට පස්සෙ උඩු හිත ගැස්සිලා යනවා. උඩුහිත පියවි තත්වෙට එනවා එයාට පේනවා විඩාපත් තමන් දිහා කට්ටිය බලන් ඉන්නවා අනුකම්පාවෙන් වගේ. ඒ බලන් ඉන්නෙ එයාගෙම යටි හිත... යටි හිතේ තියෙන නොයෙක් ස්වරූප. එච්චරයි. මීනිං 1 අපි කොච්චර ස්ට්‍ර්ස් එකේ හිටියත් යටි හිත ඒ ස්ට්‍රෙස් 1 නැති කරගන්න ට්‍රයි කරනවා හැමවෙලේම, හරියට නින්දයාගෙන එනකොට මූනට වතුර ගහනවා වගේ"
![]() |
මම තේරුම ස්ටේටස් දැම්මා |
![]() |
| දෙව්මි ඒකට කමෙන්ට් කරා |
Subscribe to:
Posts (Atom)








