Sunday, November 27, 2022

ගල් , ගඩොල් සහ අඳුරු පධාර්ථ

ගල් ගඩොල් වී සවිමත් බැම්මක පාදම වීමට සිහින මැව්වෙමි. එහෙත් වයසින් මුහුකුරා යත්ම අදුරු පධාර්ථ ලෙස සුනුවිසුනුවී සෑම තැනකම පැතිරීමට තීරණය කළෙමි. 

Sunday, November 20, 2022

දේව අංශුව

අපි තාම නොදන්න දෙයක් තියෙනවා එහෙම දෙයක් තියෙන බව අපි දන්නවා. ඒත් ඒ සිස්ටම් එක කාගෙද ඇයි ඒක තියෙන්නෙ කොහොමද ඒක වැඩ කරන්නෙ කියල අපි කවුරුත් දන්නෙ නෑ... ඉතින් ඒ සිස්ටම් එකෙන් මොනයම් හෝ අවස්ථාවක ලබා දෙන ප්‍රතිපලය බලාපොරොත්තුවෙන් ඉන්නයි තියෙන්නෙ.
               -දේව අංශුව- (අකේෂ් ධනුක)

විරහව...

ඈ සිටි කාලයේ සවනට මිහිරක් ගෙනා වැහි බිඳු මහ පොළොව සිඹින හඬ...
ඈ නොමැති බව දන්නා නිසාම මිහිරක් නොවී පාඩුවේ ගලා යන හැඩ... 

මන්දාකිණි පසු කරන්