Monday, September 10, 2018

පරෙයියා vs වස්සැප් - 4 කොටස

"එසේ නම් කුමක් කරමුද? අපි මෙසේම ලියමු" යි කියාලා ලව් ගුරා හසුන ලියන්ට ගත්තේයැ.

***

ඉදින් අවසානයේ රජුට වස්සැප් උගන්නමින් ලව් ගුරා මෙසේ හසුන ලියැවීය.

(මෙකී හසුනද රජෙකුගේ හසුනක් බැවින් අන්තර්ගතය රාජ රහසෙක් බැව් තරයේ සිතා ගනුව.)

****

ඉදින් හසුන ලියලා එක පරෙයියෙකුගේ පයේ ගැටලා යැවීයැ.

****

සති කීපයකිනික්බිති ඈතින් පරෙයියෙක් එනු පෙනින. රාජ පුරුෂයන්ගෙන් මෙපවත් ඇසූ ලව් ගුරා එකී හස්න ලිහා රාජ සභාවේ කියැවීයැ.

"ඩිලිවර්ඩ්"

"ඒ කිමෙක්දැ ?"

"අපොයි රජුනි ඒ කියන්නෙ අප යැයූ පයිංඩේ එහේට ගිය බවයි. විගහින් පිළිතුරක් එනු ඇතැ."

****

ඕං ඉඳින් තවත් සතියක් ඉක්ම ගියැ... තවත් පරෙයියෙකු එනු පෙනින.

"සීන්"

"ඒ කිමෙක්දැ ?"

"අපොයි රජුනි ඒ කියන්නෙ ඈ පයිංඩේ දුටු බවයි. ඉදින් ඊළඟ් පරෙයියා ඒගෙන එනු ඇතැ"

(ඒ ඇසූ ධනුකයන්ට ඌරු ජුවල් නැගිනි)

****
ඕං ඉඳින් තවත් සතියක් ඉක්ම ගියැ... තවත් පරෙයියෙකු එනු පෙනින.

"ක්වීන් හංසි ඊස් ටයිපින්"

"ඒ කිමෙක්දැ ?"

"අපොයි රජුනි ඒ කියන්නෙ ඔබෙ කෑල්ල යම් හසුනක් ලියමින් සිටිනා බවයි.. ඉදින් ඊළඟ් පරෙයියා ඒගෙන එනු ඇතැ"

(ඒ ඇසූ ධනුකයන්ට යක්සයා ආවේස වීයැ)

****

ඕං ඉඳින් තවත් සතියක් ඉක්ම ගියැ... තවත් පරෙයියෙකු එනු පෙනින.

"Hy bro, mk ?"

"ඒ කිමෙක්දැ ? "

"අපොයි රජුනි ඒ කියන්නෙ ඒ ඇත්තී ඔබ වහන්ට හායි සහෝදරයා කියා ඔබ වහන්සෙ මොනවා කරනවාදැයි ඇසූ බවයි"

(ඒ ඇසූ ධනුකයන් කෝපා ආවේස වී...)

"ඉදින් කෑලි කෙරුවාව හරි යන්නෙ නැති. ඒකි මට බහ දෙන කල මා නාකි තිබීමටදැ ඉඩ ඇතැ... වහාම හසුන් වීසි කරවා මටද ඉස්මාට් පෝං කෑල්ලක් ගෙන එවයි" ගුගුලහ.

-නිමි-

Wednesday, September 5, 2018

පරෙයියා vs වස්සැප් - 3 කොටස

"වහාම ලව්ගුරා කැඳවනු. ඌ හෙන අමාරුකාරයා බව මම දැන හුන්නෙමි. අන්දරේට පාඩුවේ උගේ වැඩක් බලා ගන්නට දී ගුරා උස්සන් එව...!!!!"

***

ලව්ගුරා විසින් අන්දරේට ලියවා දුන් හසුන වැඩ කළ බැව් ඇසූ ධනුකයෝ වහ වහාම ස්වකීය හසුන ලිවීමටද ගුරාටම පැටවනු ලැබීයැ.

***
2 - පාඩම ( වස්සප් පෙම් හසුන් ලිවීමැ)

තමා වැඩ්ඩා බව දත් ලව් ගුරා ස්වකීය හැකියාව ඩිමාන්ඩ් කරන්නේ...
"ධනුකයාණෙනි, අන්දරේට ලියැවූ පෙම් හසුන වූ කලී කැලැසික් හද්දා ට්‍රැඩිසනල්, පට්ට ඉමෝසනල් ගමේ කෙල්ලකට ලියවන ලද්දක්ම වන්නේ ඉතා කොට බොළදය. ඉඳින් ඔබ වහන්සේගේ මහේසිකාව කෙබදු වීදැයි කියනු නම් මා එකී හසුනද ලියන්නෙමි" යි කිවුය.

එකල්හී විළියෙන් ඇඹරෙන්ට වූ අපගේ ධනුකයෝ මෙසේ පිළිවදන් දුන්හ.

"මගේ හිතේ ඉන්නා එකී නම් හෙන උඩින් යන්නීයැ. ඕ සුදුය. හුරතල්‍ යැ. දුටු දුටු මන දොළ පිනවන්නීයැ. ඈත් හරියට ඇගේ සාය වාගේයැ. දෙදනෙන් පහළට දිඟ නැති සාය මෙන්ම ඈද ඉන්නේ පොළෝ මට්ටමෙන් බොහෝ උඩින්‍ යැ. නිතරම ඉස්මාට් පෝං කෑල්ල ඔබමින් සිටින්නී දිනකට 100 වතාවක්වත් සෙල්පි ගන්නී ඉන්ස්ටගෑම්, වස්සප් හා බුකිය පුරා ඒව යවන්නීයැ......." ආදී වශයෙන් මහ හෑල්ලක් කිවුය....

***

ඉඳින් මෙපවත් අසාලා දෑස් නළලේ තබා ගත් ලව් ගුරාද බොහෝ කොට කල්පනා කලේය. දින ගනන් නිරාහාරව ලිවිය යුතු හසුන ගැන හිතූ හේ අවසානයේ නිරාහාර දින 21ක් අවසානයේ අදහසකට එළඹිනි.

"අපී ඈට හයිබ්‍රිඩ් හසුනක් යවමු"

***

හයිබ්‍ර්ඩ් හසුන - අවශ්‍ය ද්‍රව්‍ය

1.නොයෙක් බැක් ග්‍රවුන්ඩ් ඉමේජස් සහිත හසුන් පත්
2. පන්හිඳ
3.තීන්ත
4. 'පරෙයියො රංචුවක්'
5. 'නූල් පන්දුවක්'

ඉදින් මෙකී අමුද්‍රව්‍යද ගුරා විසින් එකින් එකට පරීස්සා කරන ලද්දෙන් හසුන ලිවීම අරඹන ලදී.

***
"ඉදින් රජුනි ඔබ වහන්සේ වස්සැප් සිටිනවා දැ?"

"වස්සප් යනු කිමෙක්දැ"

"සිකේ සිකේ රජුනි වස්සැප් යනු කුමක්දැයි නොදන්නේ කවරහුද? 😅😅😅 ඒ වූ කලී ඉස්මාට් පෝං ඇපයකිොබ වහන්සේගේ රාජ්‍යයේ හසුන් යවනු රිසි කොලු කෙල්ලන් ඒ භාවිතයට ගන්නේයැ"

"මා දන්නා එවැනි උලවුවක් නැතියැ"

"එසේ නම් කුමක් කරමුද? අපි මෙසේම ලියමු" යි කියාලා ලව් ගුරා හසුන ලියන්ට ගත්තේයැ.

(ඊළඟ කොටස බලාපොරොත්තු වන්න)

පරෙයියා vs වස්සැප් - 2 කොටස

"අපොයි ඒ නම් කිනම් සුදු ලූනු බිකක්දැ?" රජුගේ අවශ්‍යතාවය ඇසූ ලව්ගුරා කීයෙන් ධනුකයෝ සන්හුන් වූහ.

***

එදින් ඉනික්බිත්තෙන් ලව් ගුරා ධනුකයන්ට ශිල්ප දෙන්නේයැ; ධනුකයෝද ශිල්ප මැනවින් ගන්නේයැ.

"ඉදින් මහ රජුනි අප දැන් ශිල්ප ප්‍රායෝගිකව ප්‍රගුන කරමු" ලව්ගුරා විසින් ධනුකයන්ට නියම කරන ලද්දෙන් ධනුකයෝද ඒ ඉස් මුදුනින් ගති.

***

1 - පාඩම (පෙම් හසුන් ලිවීමැ)

"ධනුකයාණෙනි, ඉදින් අප හා පුරා කියා පෙම් හසුනක් ලිය බලමු. ඔබ වහන්සේ කැමැති යම් 'කෑල්ලක' සිටී දැ" යි ලව්ගුරා ඇසීය.

"අපොයි කැමැති එකියන් නම් බොහොකොට ඇත්තේයැ... එහෙත් අපි මුල්ම හසුන අන්දරේට ලියවමුයි" කියාලා ධනුකයෝ ජාමේ බේරා ගති.

***
ඉදින් එපවත් මෙසේ වෙද්දී... ලව්ගුරා විසින් පළමු හසුනට උවමනා සියල්ල ගෙන්වන ලද්දේයැ.

-අවශ්‍ය ද්‍රව්‍ය-
1.සැන්ට් කුප්පියක් (රෝස මල් සුවද)
2.රෝස පාට A4 කොලයක්.
3.දිලිසෙන ජෙල් පෑන් (පසුව ජෙල් පෑන් සොයා ගත නොහී පන්හිදක් සපයන ලදී)
4.රෝස මලක්
5.සුදු පරෙයියෙක්. (සොයාගත් පරෙයියා පාට පාට එකෙක් වූ අතර පසුව සුදු පාට කරන ලදී)
6.සුදු තීන්ත හා පින්සලක්.
7.රන් හුයක්. (නූලක්)

ඉහත කී අමු ද්‍රව්‍ය සියල්ලම එකින් එකට පරීක්ෂා කරන ලදුව පෙම් හසුන ලිවීම අරඹන ලදී.

(පෙම් හසුන්ක ලියන දෑ පුද්ගලික කරුණු බැවින් මෙහි පළ නොකිරීමට තීරණයකරන ලදී)

***

ඉක්බිත්තෙන් ලව්ගුරා විසින් පත අට එකට සිඳවා ලියවන ලද්දා වූ හසුන් පත පාට කල පරෙයියාගේ කකුලේ බැද ඌ රජ මැදුරෙන් පන්නා දමන ලදී

(සති 2 කට පසු)

රජුගේ පුරුෂයෝ අහස දෙස බලාගත් වනම සිටින්නේ පිළිතුරක් රැගෙන එන පරෙයියෙකු ඈතින් පෙනෙන්නට විය.

****

"අන්න රජුනි අපේ හසුන වැඩ කරලා... අන්දරේ පරෙයියාගෙ ලියුම බලපු වෙලේ ඉඳන් තනිවම සිනාසෙන බවත් විළවුන් තවරා අළුත් ආභරණ පැළදීයැ" යි රාජ පුරුෂයන් විසින් ධනුකයන්ට වාර්තා කරන ලදී...

ඉදින් ධනුකයෝ එපවත් අසා කුමක් කියනට ඇතිදැයි ඔබට සිතා ගත හැකිද??

"වහාම ලව්ගුරා කැඳවනු. ඌ හෙන අමාරුකාරයා බව මම දැන හුන්නෙමි. අන්දරේට පාඩුවේ උගේ වැඩක් බලා ගන්නට දී ගුරා උස්සන් එව...!!!!"

(ඊළඟ කොටස බලාපොරොත්තු වන්න)

Tuesday, September 4, 2018

පරෙයියා vs වස්සැප් - 1 කොටස

කලක් තනිවමැ හුන් අපගේ ධනුකයෝ මෑතක සිට උකටලීව සිටිනු දුටු අන්දරේ ධනුකයන් සමීපයට අවුත් මෙසේ අසන ලදී...

"අපගේ ධනුකයානෙනි... මා විසින් මෙසේ අසන ලද්දේය... ඔබ වහන්සේ මෑතක සිට ඉතා දුකසේ කල් ගෙවන බව පෙනෙන්නේය. බැංකු කෙල්ලකවත් ඔබ වහන්සේ සිත් සොරා ගත්තී ද?"

"ම්හු...!"

"ඉදින් ස්වාමීනී ඔබ වහන්සේ මෙසේ සිටිනුයේ මන්දැ?"

"මා එක් කෙල්ලක්ට පෙම් බඳිමි නමුත් මින් පෙර කෑලි කෙරුවාව නොකල බැවින් ඒ කෙසේ ටෝක් කරම්දෝ සිත සිතා මෙසේ උකටලවී ඉන්නේ" යැයි ධනුකයෝ පිළිවදන් දුන්නාහ.

එපවත් ඇසූ අන්දරේද,
"අපොයි රජුනි, ඒ නම් කිනම් කජ්ජෙක්දැ... අප රාජධානියේ බොහෝ කොට 'ලව් ගුරු' ලා සිටියි. ඔබ වහන්සේට බිය වීමට කම් නැතැයි ප්‍රත්‍යශයයෙන්ම කියාලා අප ධනුකයෝ අස්වැසීය.

***

රජ මාළිගයේ මහත් කලබලයෙකි. රජුගේ නව ලව් ගුරා විත් රාජ මාළිගයේ හුන් කෑලි වෙත කොකම්පාන්නේය... කෙලි කවට කරන්නේයැ. රාජ පුරුෂයෝද මේ ලව් ගුරාගෙන් තම තමන් ලයින් කරන කෙල්ලන් පරිස්සම් කර ගැනුමට වෙහෙසුනෝය.

මේ දුටු අන්දරේ ලව්ගුරා බෙල්ල මුලින් කුදලාගෙන වුත් ධනුකයන් පාමුල ඔබ්බවන ලද්දෙන්... ස්වකීය කොලු කෙලි රෑන පිරිවැරු ධනුකයෝ රාජකීය ලීලයෙන්ම "නුබ ලව් ගුරා දැයි" සැරෙන් විමසූහ.

එකල්හී ලව් ගුරාද "එසේය එසේය" යි කියමින් ධනුකෝ සමීපයේ සිට පවන් සලන කෙල්ලකට ඇසක් ඉඟි මැරවීය.

මේ දුටු ධනුකයෝ එනපොට හොඳ නැති බව දැන දැනම කාරණය කියනමෙන් අන්දරේට ඉඟි මැරීය.

****

"අපොයි ඒ නම් කිනම් සුදු ලූනු බිකක්දැ?" රජුගේ අවශ්‍යතාවය ඇසූ ලව්ගුරා කීයෙන් ධනුකයෝ සන්හුන් වූහ.

(ඊළඟ කොටස බලාපොරොත්තු වන්න)

Monday, September 3, 2018

දෙවියන් සහ මැවුම් වාදය.

මිහිතලයේ ආරම්භය ගැන නොයෙකුත් ආගම් දර්ශන වලදී නොයෙක් ආකර වලට දක්වා ඇත. නමුත් ධනූගේ දැක්ම මෙසේය. දේව වාදය හා අදේව වාදය මිහිමත පවතින සංකල්ප 2කි. දේව වාදය ගැන ධනූගේ මතය මෙවැන්නකි. දෙවියන් යනු හුදෙක් දෙයාකාරව විග්‍රහ කෙරෙන සංකල්පයක් වන අතර එක ආකරයක් නම් පිටසක්වල ජීවය හා සැබැඳි සංකල්පයකි. ඊට අනුව පූර්වකාලයේ පෘතුවියේ අජීව ප්‍රදේශ ජීවයෙන් පිරවීම උදෙසා භාහිර ජීව විශේෂයක් විසින් ශරීර ක්ලෝනීකරනය කරමින් ජීව ශරීර පිටපත් සාදා ඒවා පෘතුවියේ තැනින් තැන  විසුරුවා හරින ලදී. එම ක්‍රියාවලිය ඇසින් දුටු ස්වදේශී මනුෂ්‍යයන් එම භාහිර ජීවකොට්ටාශය තමන්ව මවන ලැදැයිද ඔවුන් දේවත්වයෙන්ද සළකන ලදී.  දෙවන මතය නම් සූක්ෂම ශරීරික දෙවියන් වේ. මෙම සත්ව කොට්ඨාශය අධි මානුෂ ජීවීන් වන අතර ශාරීරික කිරණ පද්ධතිය වැඩි දුයුණු කරගත් පිරිසකි.
-ධනූගේ දේශය-

නිර්මාණය සහ පැවැත්ම (සිස්ටම්)

මනුෂ්‍යයා යනු හුදෙක්ම ක්‍රියාවලියක් මතම යැපෙන ජීව කොට්ඨාශයකි. එකී මිනිසාට "පැවැත්ම" යන ක්‍රියාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමට නොයෙක් සම්මතයන් අවැසිවේ. ඒවා "නිර්මාණ" වේ. ජීවය කෙසේ නම් ඇරඹුණද නැසුනද ඒ සියල්ල පවතින්නේ යම්කිසි ක්‍රියාවලියක් මතය. එනම් සිස්ටම් එකක් මතය. ආත්මීය වේවා විශ්වීය වේවා සියල්ලම ඊට අනුරූප සිස්ටම් මත පැවැත්මක් පවත්වා ගනී. මෙය නියමයකි. හොද හෝ නරක කියා දෙයක් පවතින්නේ මේ පැවැත්ම රැක ගැනීමට වේ. සරළම තියරිය නම් "වීරයා හා දුෂ්ටයා" ගේ තියරියයි. දුෂ්ටයා මෙලොව පවතින තාක් වීරයෙකුද, වීරයා මෙලොව පවතින තාක් දුෂ්ටයාද පවතින්නේය. මෙය සිස්ටම් එකෙහි සරලම අවස්ථාවයි. ධනූගේ ඉගැන්වීම් තුල නිර්මාණය සහ පැවැත්ම යන කාරනා විග්‍රහ කරනුයේ මෙසේය.
-ධනූගේ දේශය-

සිහින මන්දාකිනිය සිසාරා...

ආසයි මං නුබත් එක්ක ඒ පාරෙ දිගටම යන්න...
ඒ හීනෙ උනා වගේම...
ඒ තරු රටා අතරින් පෙනෙන නිදහස දිහාවට...
කොහේ හරි නැවතුමක් පේනකන්ම...
අතරින් පතර ගිළිහෙන තරුවකට ආපහු මන්දාකිණියට යන්න පාර කියන්න...
ඒ ගමන්ම නුබෙත් මගෙත් මං පෙත අහගන්න...
ඉතින් අහන්නම් දෙයක්...!
දෙනව නම් නුබ වදන්...!
එනවද මං එක්ක යන්න මේ ගමන...
ඒ හීනෙ උනා වගේම...
ඒ තරු රටා අතරින් පේන නිදහස දිහාවට... !!!😌😌😌

(ඉස්සර ලියපුවා)

-ධනූ

 (නො)කී කවිය

නොදැනෙනෙ මුත් නිතර...
හමන මුදු මඳ නළද කියාවි...
ඒ මුදු මල්පෙති මාගේ බව...

නොපෙනන මුත් නිතර...
නැගෙන පුන් සඳද දිවුරාවි....
ඒ වත කමල මටම හිමිබව...

නොඇසෙන මුත් නිතර...
මිණි කිකිණි කොඳුරාවි...
ඒ නැගෙන සිනාකැන් මවෙතටම බව...

කීවද කවි නිතර...
මේ පද කියවාවි....
නොකී කවියත් මට නුබම බව...

MM 🌷💖