Thursday, February 16, 2023

පතොක් මල්

කටුක දිවි මග පිය නගන්නට මගේ අසලම රැදෙන්න...
දැවී අලු වුන සෙමෙන් මියයන මගේ හද ගිනි නිවෙන්න....
දිය පොදක් වත් නොමැති කතරේ මගේ හදවත  තෙමෙන්න....
ඔබට හැකි වෙද මගේ කතරේ පතොක් මල වී පිපෙන්න...

-ධනූගේ අඩවිය-

Thursday, February 9, 2023

සිවිලයිසේශන් ටයිප් 01, 02 සහ 03

ටයිප් 01 සිවිලයිසේශන් එකක සිට ලියමි....

මම තවමත් 01 සිටිමි. ඈතින් ටයිප් 02 සිවිලයිසේශන් බොහෝමයක් මට පෙනෙන අතර ඒවා ඉක්මනින්ම ටයිප් 03 වනු ඇත. 

එහෙත්,

සදාකල් ටයිප් 01 වී සිටිනු පිණිස ටයිප් 02 සිවිලයිසේශන් දෙස බලා "මම" ගොඩ නැගීමට පටන් ගත්තෙමි.

-ධනූගේ අඩවිය-

Sunday, February 5, 2023

මට මා හමුවිය

ඉදින් ඒ තරම්ම කැපකිරීමක් කල හැකි තරම් ඔබ පරිනත නම්, ඔබගේ සිතුවිලි වල ගැඹුර, දුලබ බව සහ වටිනාකම ඔබ තේරුම් ගත්තා වන්නේය... ඉදින් ඔබ දිනූ බව සාක්ශාත් කර ගන්න. 😌✌🏻