Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts

Sunday, March 12, 2023

පාන්, වයින් සහ මම.

 ගැහැණියකගේ ආදරය වයින් මෙන් වන විට ඔබ නිසැකවම පාන් වීමට වග බලා ගත යුතුය. 

එහෙත්, 

අධික බීමත් කම සියල්ල අහිමි කරවන බව අමතක නොකිරීමට තරම් කල්පනාකාරී විය යුතුය.

-ධනූගේ අඩවිය-

Thursday, February 16, 2023

පතොක් මල්

කටුක දිවි මග පිය නගන්නට මගේ අසලම රැදෙන්න...
දැවී අලු වුන සෙමෙන් මියයන මගේ හද ගිනි නිවෙන්න....
දිය පොදක් වත් නොමැති කතරේ මගේ හදවත  තෙමෙන්න....
ඔබට හැකි වෙද මගේ කතරේ පතොක් මල වී පිපෙන්න...

-ධනූගේ අඩවිය-

Sunday, February 5, 2023

මට මා හමුවිය

ඉදින් ඒ තරම්ම කැපකිරීමක් කල හැකි තරම් ඔබ පරිනත නම්, ඔබගේ සිතුවිලි වල ගැඹුර, දුලබ බව සහ වටිනාකම ඔබ තේරුම් ගත්තා වන්නේය... ඉදින් ඔබ දිනූ බව සාක්ශාත් කර ගන්න. 😌✌🏻