Wednesday, September 5, 2018

පරෙයියා vs වස්සැප් - 3 කොටස

"වහාම ලව්ගුරා කැඳවනු. ඌ හෙන අමාරුකාරයා බව මම දැන හුන්නෙමි. අන්දරේට පාඩුවේ උගේ වැඩක් බලා ගන්නට දී ගුරා උස්සන් එව...!!!!"

***

ලව්ගුරා විසින් අන්දරේට ලියවා දුන් හසුන වැඩ කළ බැව් ඇසූ ධනුකයෝ වහ වහාම ස්වකීය හසුන ලිවීමටද ගුරාටම පැටවනු ලැබීයැ.

***
2 - පාඩම ( වස්සප් පෙම් හසුන් ලිවීමැ)

තමා වැඩ්ඩා බව දත් ලව් ගුරා ස්වකීය හැකියාව ඩිමාන්ඩ් කරන්නේ...
"ධනුකයාණෙනි, අන්දරේට ලියැවූ පෙම් හසුන වූ කලී කැලැසික් හද්දා ට්‍රැඩිසනල්, පට්ට ඉමෝසනල් ගමේ කෙල්ලකට ලියවන ලද්දක්ම වන්නේ ඉතා කොට බොළදය. ඉඳින් ඔබ වහන්සේගේ මහේසිකාව කෙබදු වීදැයි කියනු නම් මා එකී හසුනද ලියන්නෙමි" යි කිවුය.

එකල්හී විළියෙන් ඇඹරෙන්ට වූ අපගේ ධනුකයෝ මෙසේ පිළිවදන් දුන්හ.

"මගේ හිතේ ඉන්නා එකී නම් හෙන උඩින් යන්නීයැ. ඕ සුදුය. හුරතල්‍ යැ. දුටු දුටු මන දොළ පිනවන්නීයැ. ඈත් හරියට ඇගේ සාය වාගේයැ. දෙදනෙන් පහළට දිඟ නැති සාය මෙන්ම ඈද ඉන්නේ පොළෝ මට්ටමෙන් බොහෝ උඩින්‍ යැ. නිතරම ඉස්මාට් පෝං කෑල්ල ඔබමින් සිටින්නී දිනකට 100 වතාවක්වත් සෙල්පි ගන්නී ඉන්ස්ටගෑම්, වස්සප් හා බුකිය පුරා ඒව යවන්නීයැ......." ආදී වශයෙන් මහ හෑල්ලක් කිවුය....

***

ඉඳින් මෙපවත් අසාලා දෑස් නළලේ තබා ගත් ලව් ගුරාද බොහෝ කොට කල්පනා කලේය. දින ගනන් නිරාහාරව ලිවිය යුතු හසුන ගැන හිතූ හේ අවසානයේ නිරාහාර දින 21ක් අවසානයේ අදහසකට එළඹිනි.

"අපී ඈට හයිබ්‍රිඩ් හසුනක් යවමු"

***

හයිබ්‍ර්ඩ් හසුන - අවශ්‍ය ද්‍රව්‍ය

1.නොයෙක් බැක් ග්‍රවුන්ඩ් ඉමේජස් සහිත හසුන් පත්
2. පන්හිඳ
3.තීන්ත
4. 'පරෙයියො රංචුවක්'
5. 'නූල් පන්දුවක්'

ඉදින් මෙකී අමුද්‍රව්‍යද ගුරා විසින් එකින් එකට පරීස්සා කරන ලද්දෙන් හසුන ලිවීම අරඹන ලදී.

***
"ඉදින් රජුනි ඔබ වහන්සේ වස්සැප් සිටිනවා දැ?"

"වස්සප් යනු කිමෙක්දැ"

"සිකේ සිකේ රජුනි වස්සැප් යනු කුමක්දැයි නොදන්නේ කවරහුද? 😅😅😅 ඒ වූ කලී ඉස්මාට් පෝං ඇපයකිොබ වහන්සේගේ රාජ්‍යයේ හසුන් යවනු රිසි කොලු කෙල්ලන් ඒ භාවිතයට ගන්නේයැ"

"මා දන්නා එවැනි උලවුවක් නැතියැ"

"එසේ නම් කුමක් කරමුද? අපි මෙසේම ලියමු" යි කියාලා ලව් ගුරා හසුන ලියන්ට ගත්තේයැ.

(ඊළඟ කොටස බලාපොරොත්තු වන්න)

No comments:

Post a Comment

ඔයාලගෙ අදහස් දෙන්න