මං උදේ හවස කෝච්චියේ යන එන ගමනෙදි නොයෙක් දේවල් දකිනව. ඒ අතරින් මගෙ හිත වැඩියෙන්ම ඇදිල යන දෙයක් විදිහට කොල්ලුපිටිය මුහුද මගෙ වෙබ් අඩවි පාඨක ඔයගොල්ලො හොඳටම දන්නවා ඇති.
අද මම හවස එනකොට මම මුහුදෙ වතුර වැඩි බවක් දැක්කා. අද උදෙත් මට මුහුදෙ එක්තරා පිරුණු බවක් පෙනුනෙ ඒ නිසා වෙන්න ඇති.
ඒ පිරුණු මුහුද එයා ගැන කොයි තරම් ආඩම්බරෙන් හිටියද කිව්වොත් එයා එයාගෙ රැළි ගොඩක් උඩට ඔසවලා තමන් ගොඩක් ප්‍රභල බව නිතරම කියා පෑවා. ඒත් ඒ අතර යම් වෙනස් කමක් මගේ ඇහැ ගැටුනා.
කොල්ලුපිටිය ස්ටේශන් එක ළඟ මුහුද කොච්චර තමන් ගැන උදම් ඇනුවත් එයාට වෙරළක් නැහැ. අඩුම තරමෙ නිවි හැනහිල්ලෙ තමන්ගෙ රැළි පා කරලා යවන්නවත් වෙරළක් එයාට නැහැ. එයා "වෙරළ අහිමි මුහුදක්..." ඒත් ඒ අඬු ලුහුඬු කම අනිත් අයගෙන් හංගගන්න තරම් කොල්ලුපිටිය මුහුද අසරණ වෙලා කියලා මට පෙනුනෙ අන්න ඒ වෙලාවෙ.
ඒ එක්කම මට උදේම ජනේලෙ ඇරපු ගමන් තමන්ගෙ ශක්තිය ගැන කේවල් කරමින් ගෙට කඩා පනින වේගවත් සීතල හුළඟක් වගේ සිතුවිළි මහා ගොඩාක් කිටි කිටියෙම මගේ හිත් කුහරයට ඇතුල්වුනා නිමේශයකින්ම.
මම හෙමින් ඒ සිතුවිලි කන්දෙ එක කොනකට ළඟා උනා....
"ලෝකයා තමන්ගෙ අඬු ලුහුඬු කම් හංග ගන්න කොයි තරම් තමන්ගෙ රැළි ඉහල නංවනවද..........?"
***********
***********
මතු සම්බන්ධයි...
No comments:
Post a Comment
ඔයාලගෙ අදහස් දෙන්න