වැස්සත් එක්කම ඔෆිස් එකෙන් එළියට බැහැපු මම වැස්සත් එක්කම කෝච්චියටත්, ඒකෙන් බස් නැවතුමටත් එතනින් බස් එකටත් ගොඩ උනා.
මම සුපුරුදු විදිහට සින්දු අහන ගමන් ආවෙ. බස් එකෙත් සින්දු දැම්මා. මට ලොකු සතුටක් දැනුනා. මොකද ඒවා ක්ලැරන්ස්ගෙ සින්දු නිසා.
බස් එකේ සෙනඟ පිරිලා ඉතිරිලා මම වාඩිවෙලා හිටියේ පිටිපස්සෙම නිසා මට බස් එකේ ඉස්සරහ ගැන හොද දැක්මක් තිබුනා. වහින වෙලාවක එකට පොදි කකා තෙරපෙන සිතුවිලි වගේ සෙනඟ තෙරපෙන්නෙ කියලා මට හිතුනා.
ඒ අතර, අතරින් පතර මට එක එක විදිහේ චරිත පේනවා. ළදරුවාගෙ ඉදන් මහල්ලා දක්වා චරිත අතරෙ ඇස් දෙතුන් වරක් හැරිච්ච චරිතත් නොතිබුනාම නෙමෙයි.
මට නොදැනීම සින්දු ටික නැවතිලා.
***
"මල්ලි කොහෙන්ද බහින්නෙ...?"
"රතුපස්වල..."
"මාරුකාසි නැද්ද...?"
"නෑ..."
***
ෆෝන් එක දිහා බලන් හිටපු නිමේෂෙට චරිත ගොඩක් වෙනස් වෙලා. අලුත් චරිත ඇවිත් වගේම තිබුන චරිත අයින් වෙලා. හරියට ටෙලි නාට්‍යක් බලන්න බැරි වෙලා මඟ ඇරුනා වගේ
***
හිත කොහෙන්දෝ පාවෙලා ආපු සිතුවිල්ලක ගැඹුර මනිනවා. අපේ ඇස් නොගැටුන එක නිමේෂයක් ඇති අපි කැමති චරිත අපේ කතාවෙන් අයින් කරවන්න.
මොහොතක් හිතුවොත් ඒක ලෝක ස්වභාවය වගේම ඒක මනුස්ස හිත. ඒ කොහොම උනත් ඒ තර්කයට මගේ හිත නම්මවා ගන්න බෑ වගේ.
නොදැනීම දුර ආපු හිත එක නිමේෂයකදී එක පාරට මට ඇඟිල්ලෙන් ඇනලා "බහින්නෙ නැද්ද...?" කියලා අහන්නෙ නැතිවෙන්නෙ මම තාම අර සිතුවිල්ලෙ එල්ලිලා කොහේදෝ යනවා.
:-)
ReplyDelete;)
Delete