Monday, September 3, 2018

නිර්මාණය සහ පැවැත්ම (සිස්ටම්)

මනුෂ්‍යයා යනු හුදෙක්ම ක්‍රියාවලියක් මතම යැපෙන ජීව කොට්ඨාශයකි. එකී මිනිසාට "පැවැත්ම" යන ක්‍රියාවලියේ තම ස්ථානය තහවුරු කර ගැනීමට නොයෙක් සම්මතයන් අවැසිවේ. ඒවා "නිර්මාණ" වේ. ජීවය කෙසේ නම් ඇරඹුණද නැසුනද ඒ සියල්ල පවතින්නේ යම්කිසි ක්‍රියාවලියක් මතය. එනම් සිස්ටම් එකක් මතය. ආත්මීය වේවා විශ්වීය වේවා සියල්ලම ඊට අනුරූප සිස්ටම් මත පැවැත්මක් පවත්වා ගනී. මෙය නියමයකි. හොද හෝ නරක කියා දෙයක් පවතින්නේ මේ පැවැත්ම රැක ගැනීමට වේ. සරළම තියරිය නම් "වීරයා හා දුෂ්ටයා" ගේ තියරියයි. දුෂ්ටයා මෙලොව පවතින තාක් වීරයෙකුද, වීරයා මෙලොව පවතින තාක් දුෂ්ටයාද පවතින්නේය. මෙය සිස්ටම් එකෙහි සරලම අවස්ථාවයි. ධනූගේ ඉගැන්වීම් තුල නිර්මාණය සහ පැවැත්ම යන කාරනා විග්‍රහ කරනුයේ මෙසේය.
-ධනූගේ දේශය-

සිහින මන්දාකිනිය සිසාරා...

ආසයි මං නුබත් එක්ක ඒ පාරෙ දිගටම යන්න...
ඒ හීනෙ උනා වගේම...
ඒ තරු රටා අතරින් පෙනෙන නිදහස දිහාවට...
කොහේ හරි නැවතුමක් පේනකන්ම...
අතරින් පතර ගිළිහෙන තරුවකට ආපහු මන්දාකිණියට යන්න පාර කියන්න...
ඒ ගමන්ම නුබෙත් මගෙත් මං පෙත අහගන්න...
ඉතින් අහන්නම් දෙයක්...!
දෙනව නම් නුබ වදන්...!
එනවද මං එක්ක යන්න මේ ගමන...
ඒ හීනෙ උනා වගේම...
ඒ තරු රටා අතරින් පේන නිදහස දිහාවට... !!!😌😌😌

(ඉස්සර ලියපුවා)

-ධනූ

 (නො)කී කවිය

නොදැනෙනෙ මුත් නිතර...
හමන මුදු මඳ නළද කියාවි...
ඒ මුදු මල්පෙති මාගේ බව...

නොපෙනන මුත් නිතර...
නැගෙන පුන් සඳද දිවුරාවි....
ඒ වත කමල මටම හිමිබව...

නොඇසෙන මුත් නිතර...
මිණි කිකිණි කොඳුරාවි...
ඒ නැගෙන සිනාකැන් මවෙතටම බව...

කීවද කවි නිතර...
මේ පද කියවාවි....
නොකී කවියත් මට නුබම බව...

MM 🌷💖